Home » පොදු ප්‍රවාහනය ජනතාවට නොමිලේ
බැංකොක් නුවර වායු දූෂණය පාලනයට

පොදු ප්‍රවාහනය ජනතාවට නොමිලේ

-පෞද්ගලික වාහන අවම කිරීමේ උපක්‍රමයක්

by sachintha
January 28, 2025 1:25 am 0 comment

තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහළ යෑම පාලනය කිරීම සඳහා නගරයට ඇතුළු වන මෝටර් රථ ඇතුළු පෞද්ගලික වාහන ගමනාගමනය අවම කිරීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවයේ නොමිලේ ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලබා දීමට නගර බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මෙවැනි වායු දූෂණයක් බැංකොක් නුවරින් වාර්තා වන්නේ වසර 5කට පසුව බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පොදු බස් රථ සහ විදුලි දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍ර මේ වන විට ජනතාවට නොමිලේ ගමන් කිරීමට පහසුව සලසා ඇති අතර, සතියක් පුරා එම ක්‍රමවේදය අත්හදා බැලීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.

බැංකොක් නුවර වායු දූෂණය ඉහළ යෑම හේතුවෙන් පසුගියදා නගරයේ පාසල් 350කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට ද පියවර ගෙන ඇති අතර, සිය සේවකයන්ට නිවෙසේ සිට රාජකාරි කිරීමේ තාවකාලික ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස නගරයේ පිහිටි සියලු කාර්යාලවලට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT