Tuesday, May 6, 2025
Home » දුවගේ දානයට පොළොස් කඩන්න ගිය තිදරු පියා ගසින් වැටී මරුට

දුවගේ දානයට පොළොස් කඩන්න ගිය තිදරු පියා ගසින් වැටී මරුට

by sachintha
January 28, 2025 1:34 am 0 comment

මියගිය සිය‍ දියණියගේ ඡන්ම දිනය සිහිකර මෙහෙණි ආරාමයකට දානයක් දීමට පොළොස් කැඩීමට කොස් ගසකට නැගි 49 හැවිරිදි තිදරු පියකු ගසින් වැටී ඊයේ (27) මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගුරුලාන බෝපෙ පාදුක්ක ලිපිනයේ පදිංචිව සිටි ඩොනල්ඩ් කිත්සිරි නමැති 49 හැවිරිදි තිදරු පියෙකි. මියගිය අයගේ වයස අවුරුදු 18ක් වයසැති දෙවැනි දියණිය හදිසියේ මියගොස් ඇත්තේ මීට මාස දෙකකට පෙර වන අතර, ඇයගේ උපන් දිනය යෙදී ඇත්තේ 28 වැනි දිනටය. ඒ අනුව මෙහෙණි ආරාමයකට දානයක් දීමට පොළොස් මාළුවක් පිසීමට පොළොස් ගැට කැඩීමට ඔහු කොස් ගසකට නැඟ ඇති බවත් පොලීසිය කියයි.

ඔහු අඩි 60ක් පමණ උසකින් පිහිටි ගසින් බිමට වැටී ඇත්තේ නිවෙසේ වහලයත් කඩාගෙන බවත් පොලීසිය කියයි. මියගිය අය පාදුක්ක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. මියගිය අය ඇදවැටුණු ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ පැවැත්වූ පාදුක්ක හදිසි මරණ පරීක්ෂක සුසන්ත රණතුංග මහතා මළ සිරුර පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වාර්තාවක් රැගෙන එන ලෙස පාදුක්ක පොලිසියට නියෝග කළේය.

හංවැල්ල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT