27
ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව, පෙරේදා (26) දින හල්දුම්මුල්ල පොලිස් වසමේ ගුරුමඩ ප්‍රදේශයේදී බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරු මත වැටලීම් දෙකක් සිදු කර ගංජා කිලෝග්‍රෑම් 57ක් හා ගංජා කිලෝග්‍රෑම් 50ක් අත්අඩංගුවට ගෙන ඇත.
ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හල්දුම්මුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 36 හා 48 වයස්වල පසු වන බළන්ගොඩ හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
රක්ෂණ ශ්‍රියන්ත