Home » වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි

වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි

by sachintha
January 28, 2025 1:49 am 0 comment

වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා 1969 ආනයන අපනයන පාලක නියාමන පනත යටතේ මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2025 ජනවාරි 27 දිනැති අංක 2421/04 දරන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය 1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන ණයවර ලිපි සමඟ මුදා හැරීමට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2025 අංක 01 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි ලෙස දක්වා ඇති රෙගුලාසි මගින් මෝටර් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉවත් කිරීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත. අදාළ වාහන 2025 ජූලි 31 දක්වා නිදහස් කළ හැකිය.

දුම්රිය ස්ථාන ඇතුළු පුද්ගලික මෝටර් රථ සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇති අතර වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය කළ හැකියි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කළ හැකිය. ඉදිරි මාස 12 තුළ වෙනත් ඕනෑම පුද්ගලයෙකුට එක් වාහනයක් ආනයනය කළ හැකිය. ආනයනකරුවන්ට වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් හෝ සියයට 3ක දඩ මුදලක් ගෙවා ඔවුන්ගේම නම් යටතේ ලියාපදිංචි කිරීමට සිදු වන බවද ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT