Home » ගෝඨා, ඇමැති නලින්දට කිව්වේ මොකක්ද…?

ගෝඨා, ඇමැති නලින්දට කිව්වේ මොකක්ද…?

by sachintha
January 28, 2025 1:52 am 0 comment

දෙපැත්තේම පුටු හිස්ය. තවත් ආරාධිත අමුත්තෝ රැසක් පැමිණීමට නියමිතව සිටිති. ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය නිල නිවසේ දී පැවැති උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අසල ආසනය හිමිවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. ඔවුන් දෙදෙනා අතර සුහද කතාබහක් සිදුවන අයුරු අප ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් විය. ඇත්තටම දෙදෙනා කුමක් කතා කරන්නට ඇතිද?

‘ඇත්තමයි, ජී. රාජපක්ෂ කියලා කෙනෙක් මම නම් දන්නේ නෑ’ සීඅයිඩියට ප්‍රකාශ කළ ආකාරයට ගෝඨාභය ඇමැති නලින්දට එසේ කියන්නට ඇති දැයි අපි නොදනිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT