Home » කෝටි හතළිස් හයක් වටිනා අම්බර් තොගයක් රත්ගමදී අත්අඩංගුවට

කෝටි හතළිස් හයක් වටිනා අම්බර් තොගයක් රත්ගමදී අත්අඩංගුවට

by sachintha
January 28, 2025 1:25 am 0 comment

විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී කෝටි 46ක් වූ වෙළඳපොළ වටිනාකමෙන් යුත් තල්මස් අම්බර් කිලෝ 23ක් සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් ද පැමිණ එම අම්බර් පරීක්ෂා කර බලා වැඩිදුර පරීක්ෂණ සඳහා හික්කඩුව වනජීවී කාර්යාලය වෙත රැගෙන යන ලදි. මේ සම්බන්ධයෙන් රත්ගම ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අම්බර් තොගය විදේශීය ගැනුම්කරුවකු වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවද හෙළි වී තිබේ. මිල අධික ඖෂධ සඳහා යොදා ගන්නා මෙම අම්බර් මෙරට වෙළඳපොළ තුළ කිලෝ එකක් රුපියල් කෝටි දෙකක් පමණ වන බවද පැවසේ. සැකකරු සහ අම්බර් තොගය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කරන්දෙනිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්,

ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT