Home » සළුසල ගොඩනැඟිල්ල කැලෑවට ගිහින්

සළුසල ගොඩනැඟිල්ල කැලෑවට ගිහින්

by sachintha
January 28, 2025 1:26 am 0 comment

දිගු කලක් තිස්සේ මහජනතාවට පහසු මිලට ඉස්තරම් රෙදිපිළි ලබාදුන් කුරුණෑගල සළුසල ආයතනයට අයත් ගොඩනැඟිල්ල කිසිදු වගකිවයුත්තකුගේ අවධානයට යොමු නොවීම නිසා වසර ගණනාවක් තිස්සේ වල්බිහිවී ජරාවාස වෙමින් තිබේ. කුරුණෑගල නගර මධ්‍යයේ ඉතා ඉහළ වාණිජ වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ල සහ ඉඩම වයඹ පළාත් සභා සංකීර්ණය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.

1960 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ ආරම්භ කර ඇති සළුසල ආයතනය රෙදිපිළි අලෙවිය අතින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබිණි. විශේෂයෙන්ම අත්යන්ත්‍ර රෙදිපිළි අලෙවිය

අතින් පෞද්ගලික අංශය අබිබවා යමින් විශාල වශයෙන් ලාභ ඉපැයූ මෙම ආයතනය පසුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ පාලනය කෙරිණි. කඩින් කඩ වැසෙමින් නැවත විවෘතවෙමින් පැවති මෙම ආයතනය 2019 යහපාලන රජය යටතේ පාඩු ලබන ආයතනයක් සේ සලකා මුළුමනින්ම වසා දමනු ලැබිණි. දැනට මෙම ගොඩනැඟිල්ල ඉදිරිපිට විශාල වශයෙන් පෞද්ගලික වාහන ගාල් කර තිබෙන අයුරු දැක ගත හැකිය. එසේම පිටුපස කොටසේ වහලය දැඩි ලෙස අබලන්ව තිබෙන අතර දොර ජනෙල් ගැලවී විනාශ වෙමින් තිබේ. තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ දැනට මෙම ගොඩනැගිල්ල සහ ඉඩම කුරුණෑගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ භාරයේ තිබෙන බවයි.

හිරියාල සමූහ – එම්.ඒ.ආර්. මනුකුලසූරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT