28
මාතර, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක ගත නොකළ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමට වෙනම කවුළුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ දුරකතන සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබිණි. මාතර, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා එක්වූ අවස්ථාවේ රෙජිස්ට්‍රාර් අංශයේ පැවැති තත්ත්වය දැක මෙම පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා ද සහභාගි වී සිටියේය.
නුවන් කොඩිකාර