Home » People’s Pinnacle සම්මාන උලෙළේදී Flora Tissues සම්මාන දිනයි

People’s Pinnacle සම්මාන උලෙළේදී Flora Tissues සම්මාන දිනයි

by sachintha
January 29, 2025 2:34 am 0 comment

මෘදු ටිෂූ කඩදාසි නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයා වන Flora Tissues සන්නාමය හිමි Pee Bee Management Services පුද්ගලික සමාගම, පසුගියදා පැවැති People’s Pinnacle Sri Lanka සම්මාන උලෙළේදී 2024 වසරේ “Best Hygienic Disposables Brand of the Year” සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය.

අඛණ්ඩව තෙවැනි වරටත් MUGP International විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළ 2025 ජනවාරි 6 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි. විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන විශිෂ්ටතා දැක්වූ සමාගම් සහ පුද්ගලයින් රැසක් මෙම සම්මාන උලෙළේදී ඇගයුමට ලක්වූහ. ඉතා සුළුවට ආරම්භ වූ ව්‍යාපාරයක් වන Flora Tissues, මේ වනවිට ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳපොළ තුළ දැවැන්ත සන්නාමයක් බවට පත්ව තිබේ. තවද ටිෂූ කඩදාසි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හිමිකරගත් එකම සන්නාමය වීම ද එහි විශේෂත්වයකි. වසර 40කටත් අධික කාලයක් පුරා Flora

Tissues මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අපි බෙහෙවින් කෘතවේදී වන්නෙමු. ඔවුන්ගේ සහයෝගයෙන් තොරව මෙවැනි සුවිශේෂී ජයග්‍රණයක් අපට අත්නොවනු ඇත. එමෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම ද මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. යනුවෙන් Pee Bee Management Services පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කිෂෝර් සර්ටානි මහතා ප්‍රකාශ කළේය.

Flora Tissues හි පරිසර හිතකාමී තිරසර වැඩපිළිවෙළ එහි තවත් විශේෂත්වයකි. Flora Tissues ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අවම කර ඇති අතරම, නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාව ද නංවා තිබේ. සාම්ප්‍රදායික පල්ප ඇසුරෙන් ටිෂූ කඩදාසි නිෂ්පාදනය වෙනුවට බට ලී පල්ප භාවිත කරමින් තම නිෂ්පාදන එළිදැක්වීමට ඇති හැකියාව පිළිබඳව ද සමාගම අඛණ්ඩව පර්යේෂණ සිදුකරමින් සිටියි.

දේශීය වෙළෙඳපොළට අමතරව, මාලදිවයිනට ද Flora Tissues අපනයනය කෙරෙන අතර, ඉදිරියේදී සමස්ත සාක් කලාපය තුළම අපනයන සිදුකිරීමට සමාගම සැලසුම් කර ඇත. එහිදී ඩිජිටල්කරණය තුළින් ඉ-වාණිජ්‍ය භාවිත කරමින් නව වෙළෙඳපොළ සොයායෑමට ද සමාගම අපේක්ෂා කරයි.

පසුගිය දශකයට වැඩි කාලය පුරා සමාගම විවිධ සම්මාන බුහුමන් රැසකින් පිදුම් ලබා තිබේ. සුපර් බ්‍රෑන්ඩ් සහතිකය, ආසියා පැසිෆික් ව්‍යවසාය සම්මානය, ආසියානු ආයතනික විශිෂ්ටතා සහ තිරසර සම්මානය – ආසියාවේ හොඳම සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් කාණ්ඩයේ Asia One සඟරාවේ හා URS Media Consulting P.L. හි ආසියාවේ විශිෂ්ටතම සන්නාම සහ නායකයින් සම්මානය ඇතුළු සම්මාන රැසක් ඊට ඇතුළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT