Thursday, May 15, 2025
Home » පෙබරවාරි මාසය සුබ කටයුතුවලට හොඳ නැද්ද?

පෙබරවාරි මාසය සුබ කටයුතුවලට හොඳ නැද්ද?

by sachintha
January 29, 2025 2:22 am 0 comment

පෙබරවාරි මාසය තුළදී අන් කවර මාසයකටත් වඩා සුබ නැකැත් උදාවන ග්‍රහ පිහිටීම් ඇති මාසයක් වුවත් බොහෝ දෙනා පෙබරවාරි මාසය තුළදී සුබ කටයුතු සඳහා නැකත් සාදා ගැනීමට කැමැත්තක් නොදක්වති. අප භාවිත කරන දින කැලැන්ඩරයට අනුව දින 28ක් සහිත මාසයක් බැවින් අඩු මාසයක් ලෙස ප්‍රචලිත වීම නිසා බය ගතියක් ඇතිවීම එයට හේතු වී ඇත.

ජ්‍යොතිෂය අනුව පෙබරවාරි මාසය අසුබ මාසයක් නොවේ. ජනවාරි මසින් ආරම්භ වන අලුත් මාසයෙහි සියලු ශුභ වැඩ පටන් ගත්තත් පෙබරවාරිවලදී අලුතින් වැඩ කටයුතු පටන් නොගැනීම මත බොහෝ දෙනාගේ ආදායම් තත්ත්වය පවා පහත වැටෙනු ඇත. මංගල උත්සව ශාලාවලට, ගොඩනැඟිලි ද්‍රව්‍ය අ‍ෙලවි කරන්නන්ට නම් ඉතා අසුබ මාසයකි. එසේ වන්නේ බොහෝදෙනා මෙම මාසය තුළදී නැකතට අලුතින් වැඩකටයුතු ආරම්භ කිරීමට මැළිවීම නිසාය. මෙය අද අපේ රටට විශාල ප්‍රශ්නයක් වී ඇත.

සිංහල ක්‍රමයට අනුව දුරුතු, නවම්, මැදින් යනුවෙන් චන්ද්‍ර මාස ක්‍රමය අනුව බැලීමේදී කිසිම මාසයක අඩුවක් හෝ වැඩියක් නැත. හඳේ (චන්ද්‍රයාගේ) තිථීය අනුව පුර පැත්තට දින 15ක් ද, අව පැත්තට දින 15ක් ද ඇත. පුර පක්ෂයේ 15 වැනි තිථිය පුර පසළොස්වක වශයෙන් ද අව පක්ෂයේ 15 වැනි තිථිය අමාවක යනුවෙන් ද හඳුන්වයි. දුරුතු මාසයට මෙන්ම නවම් මාසයට ද, මැදින් මාසයට ද එය එසේම පවතියි.

අප භාවිත කරන රෝම කැලැන්ඩරයට අනුව දින ගණන වෙනස් වේ. දින 30 මෙන්ම 31 මාස ද ඇත. එහිදී මාර්තු මාසය පළමු මාසය ලෙස ගණන් ගනියි.

නිවැරැදිව බැලුවහොත් සෑම මාසයකටම එක හා සමාන දින ඇත.

2025 පෙබරවාරි මාසය ඉතා සුවිශේෂ මාසයක් වනු ඇත. ඉරිදා 04ක් ද, සඳුදා 04ක් ද, අඟහරුවාදා 04ක් ද, බදාදා 04ක් ද, බ්‍රහස්පතින්දා දින 04ක් ද, සිකුරාදා 04ක් ද, සෙනසුරාදා 04ක් ද ඇත. මේ අයුරින් මාසයක් ලබන්නේ කලාතුරකිනි. මෙයට පෙර 2014 වර්ෂයේ පෙබරවාරි මාසය ද එසේ පැවතී ඇත.

එසේ මාසයක් ලැබීම ද අභාග්‍යයක් ලෙස මතයක් ඇත. නමුත් එම සුවිශේෂ මාසය තුළ ද ඉතා හොඳ සුබ නැකත් ඇත. කලාතුරකින් ලබන මෙවැනි මාසයක් තුළ පවතින නැකත් හරිහැටි ශුද්ධ කර සාදා ගැනීමෙන් හොඳ දියුණුවක් දැකිය හැකිවනු ඇත.

l වෙළෙඳ ව්‍යාපාර කටයුතු සඳහා පෙබරවාරි මස 03 සඳුදා

පෙ. ව. 07.16ට දකුණු දිශාව බලා යහපත් වනු ඇත.

l දරුවන්ට අකුරු කියවීම සඳහා සරස්වතී යෝගය යෙදී ඇති නැකත් දිනයන්

පෙබරවාරි මස 07 වැනි සිකුරාදා උදේ 6.35ට දකුණු දිශාව බලා සුබයි.

පෙබරවාරි 14 සිකුරාදා උදේ 06.34ට නැඟෙනහිර දිශාව බලා සුබයි.

පෙබරවාරි 21 සිකුරාදා උදේ 06.34ට උතුරු දිශාව බලා සුබයි.

පෙබරවාරි මස 28 සිකුරාදා උදේ 6.30ට උතුරු දිශාව බලා සුබයි.

l තරග විභාග ආදියට

පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා උදේ 09.33ට උතුරු දිශාව බලා සුබයි.

l රැකියා බාර ගැනීමට

පෙබරවාරි 14 සිකුරාදා උදේ 07.46ට උතුරු දිශාව බලා සුබයි.

l මුදල් තැන්පත් කිරීමට

පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා උදේ 09.33ට උතුරු දිශාව බලා සුබයි.

l වෙළෙඳාමට

පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා උදේ 06.41ට උතුරු දිශාව බලා සුබයි

l ළිං කැපීමට

පෙබරවාරි 03 සඳුදා උදේ 07.16ට දකුණු දිශාව බලා සුබයි.

පෙබරවාරි 07 සිකුරාදා උදේ 07.04ට උතුරු දිශාව බලා සුබයි

පෙබරවාරි 10 සඳුදා උදේ 07.16ට දකුණු දිශාව බලා සුබයි.

 

ගීතිකා සමරතුංග

ජ්‍යොතිෂරත්න, ජ්‍යොතිෂ රත්නාකර සම්මානලාභී, ජ්‍යොතිෂවේදිනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT