Sunday, May 11, 2025
Home » එ:රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය ඇමැතිනිය විපක්ෂ නායක හමුවෙයි

එ:රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය ඇමැතිනිය විපක්ෂ නායක හමුවෙයි

by sachintha
January 29, 2025 2:43 am 0 comment

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය ඇමැති කැතරින් වෙස්ට් මහත්මිය ඇතුළු විශේෂ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (27) කොළඹ දී සිදුවිය.

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මියගේ පෞද්ගලික ලේකම් රොබ් කෝර් මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ඇලෙක්සැන්ඩර් ස්මිත් මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජයීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීමට අවශ්‍ය සහයෝගය දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. එසේම එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන් සහ කාවින්ද ජයවර්ධන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT