Thursday, May 15, 2025
Home » එ:රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ඇමැතිනි සහ අගමැතිනිය අතර හමුවක්

එ:රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ඇමැතිනි සහ අගමැතිනිය අතර හමුවක්

by sachintha
January 29, 2025 2:20 am 0 comment

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල ඇමැතිනි කැතරින් වෙස්ට් මහත්මිය සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේදී ඊයේ (28) පැවැත්විණි. මේ හමුවේදී දරිද්‍රතාව තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාව ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡාවට ගැනිණි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳවද අදහස් හුවමාරු කරගැනුණු අතර, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ජාතික ප්‍රගතිය කරා මෙහෙයවීමේදී සමාජ වගකීම් සහ සියල්ල ඇතුළත් පාලනයේ වැදගත්කම ඉස්මතු කළාය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Andrew Patrick, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ දමිත්‍රි සමංගිකා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT