Home » අයිසීසී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බුම්රා

අයිසීසී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බුම්රා

by sachintha
January 29, 2025 2:30 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිරිනමන අයිසීසී 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලැබීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සමත් වෙයි.

මෙවර අයිසීසී සම්මාන ප්‍රදානයේදී 31 හැවිරිදි බුම්රා හිමිකරගත් දෙවැනි සම්මානය මෙය වන අතර, ඔහු වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබීය.

නිමාවූ වසරේ ටෙස්ට් තරග 13කදී කඩුලු 71ක් දවා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් බුම්රාට මේ සම්මාන ද්විත්වය හිමි විය. එය පසුගිය වසරේ පන්දු යවන්නකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වන අතර ඔහු කැලැන්ඩර වර්ෂයකදී වැඩිම කඩුලුලාභීන් අතර කපිල් දේව්ට පමණක් දෙවැනි විය.

වසරේ ක්‍රීඩකයා සඳහා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමඟ එංගලන්තයේ ජෝ රූට් සහ හැරී බෲක්ගේ නම් ද යෝජනා වී තිබිණි.

ඉන්දීය ක්‍රීඩකයෙක් වසරේ ක්‍රීඩකයා ලෙස සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලැබුවේ වසර 5කට පසුවය. අවසන් වරට විරාට් කෝලි 2018දී මේ සම්මාන දිනාගත් අතර, වසරේ ක්‍රීඩකයා බවට පත්වූ 5 වැනි ඉන්දීය ක්‍රීඩකයා බුම්රාය. මීට පෙර රාහුල් ඩ්‍රාවිඩ් (2004), සචින් තෙන්ඩුල්කාර් (2010), රවිචන්ද්‍රන් අශ්වින් (2016) සහ විරාත් කෝලි (2017, 2018) මේ සම්මානයට හිමිකම් කීහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT