Monday, May 5, 2025
Home » ජනපති රේගුවේ ‘අනිත් අත’ හොයයි
නම නැති බහලුම් එවලා

ජනපති රේගුවේ ‘අනිත් අත’ හොයයි

by Gayan Abeykoon
January 30, 2025 1:28 am 0 comment

උපාලි කරු­ණා­රත්න

වරා­යේදී අපි බහ­ලුම් ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගත් බවත් මේවා වරා­යට එන්නේ අයි­ති­කා­ර­යෙක් නැතිව බවත් ඒවා විවෘත කළ විට ප්‍රසිද්ධ සමා­ග­මක බ්‍රෑන්ඩ් නේම් එක තිබූ බවත් කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ පෙරේදා (28) පැවති ‘2025 ආර්ථික සමු­ළුව’ අම­ත­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

“මෙතැන ප්‍රශ්න­යක් නැද්ද? රේගුව එක් අතක්. අනික් අත කවුද?”.

අපේ රටේ දේශ­පා­ලන අධි­කා­රිය ගැන කුමන වර්ගයේ හෝ විවේ­චන තිබෙන්න ඇති. අපි ඒ විවේ­ච­න­ව­ලට අහු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කර­නවා. හැබැයි දේශ­පා­ලන වෙන­ස­කින් පම­ණක් මේ පරි­ව­ර්ත­නය කර ගන්න බැරි බව අපි විශ්වාස කර­නවා. ඒ නිසා ජන­තාව ආකල්ප වශ­යෙන් වෙනස් විය යුතුයි. දේශ­පා­ලන අධි­කා­රියේ ගුණාංග අප ගෙන­විත් තිබෙ­නවා. නමුත් ඔබ තුළ පරි­ව­ර්ත­නය වෙන­සක් ඇති නොකර රටක් හැටි­යට ඉදි­රි­යට යන්න බැහැ.

රාජ්‍ය අය වැයට විශාල වැය බරක්ව තිබෙන ආය­තන විශාල සංඛ්‍යා­වක් තිබෙ­නවා. ඒ ආය­තන ඒකා­බද්ධ කර හෝල්ඩින් සමා­ග­මක් හරහා යම් කොටස් ප්‍රමා­ණ­යක් කොටස් වෙළෙඳපොළට නිකුත් කිරී­මට හැකි දැයි අධ්‍ය­ය­නය කර­මින් සිටි­නවා.

විශේ­ෂ­යෙන් සංස්ථා සහ මණ්ඩල පිළි­බ­ඳව අපි අලු­තින් හිතන්න සූදා­නම්. ආණ්ඩුව සතු ඉදි­කි­රීම් ආය­තන රැසක් තිබ­නවා. නමුත් දැන් රජ­යට පරි­බා­හි­රව පෞද්ග­ලික අංශයේ ඉතා ශක්ති­මත් නිපු­ණ­තා­වක් සහිත ඉදි­කි­රීම් සමා­ගම් රැසක් තිබෙ­නවා. අපි නැවත කල්පනා කර­නවා රජයේ ඉදි­කි­රීම් සමා­ගම් පව­ත්වා­ගෙන යා යුතුද කියලා. ඒ නිසා ඇතැම් ඉදි­කි­රීම් ආය­තන අපට වසා දැමී­මට වෙයි. සම­හර ආය­තන ඒකා­බද්ධ කරන්න වෙයි. සම­හර ආය­ත­න­වල විෂය පථය වෙනස් කරන්න වෙයි.”

පැවැති ආණ්ඩු­ක­ර­ණ­යන්ගේ අස­මත් වීමත් ආයෝ­ජන මණ්ඩ­ලයේ අකා­ර්ය­ක්ෂ­ම­තා­වත් මෙර­ටට ආයෝ­ජන කැඳවා ගැනී­මේදී බලපා තිබෙන බව කී ජනා­ධි­ප­ති­ව­රයා, මේ නිසා මෙවැනි ආය­ත­න­ව­ලට නව ව්‍යුහ­යක් හඳුන්වා දිය යුතු බවද පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT