Home » ෆීනික්ස් කුරු­ල්ලාගේ කතාව, සන්ධා­න­ගත වීම සහ Trash bin

ෆීනික්ස් කුරු­ල්ලාගේ කතාව, සන්ධා­න­ගත වීම සහ Trash bin

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

මිථ්‍යා කතා හෙවත් ‘මිත කතා’ ජන­ශ්‍රැ­තියේ පව­තින අංග­යකි. මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල මහතා සඳ­හන් කළ පරිදි  මිථ්‍යා කතා­වල එන බොහෝ චරිත හා සතුන් සැබෑ ලෝකයේ දක්නට නොලැ­බු­ණත්, එවැනි චරිත හා සතුන් දුරා­තී­ත­යේදී සිටි­ය­හයි විශ්වාස කිරී­මට මිනිස්සු පෙලඹී සිටිති; මේ චරි­ත­වල හා සතුන්ගේ බල­පෑම ද යම් යම් ප්‍රමා­ණ­ව­ලින් පුද්ගල ජීවි­ත­ව­ලට බල­පාන බවක් ද විශ්වාස කරති.

‘ෆීනික්ස් කුරුල්ලා’ යනු එවැනි කල්පිත සත්ත්ව­යෙකි. ග්‍රීක මිථ්‍යා කතා­වල හමු වන මේ පක්ෂියා පිළි­බඳ පුවත මර­ණය හා යළි උපත පිළි­බඳ සංක­ල්පය සිහි කර­වයි. ෆීනික්ස් කුරුල්ලා ගිනි ගෙන මැරුණු පසු ඉතිරි වුණු අළු මතින් නැවත තවත් ෆීනික්ස් පක්ෂි­යකු උපත ලබන බව මෙහි ඇති සංක­ල්පීය අද­හ­සයි. මේ නිසා ග්‍රීක ජාති­කයෝ ද ශුද්ධ වූ බයි­බ­ලය ද යළි උත්ථා­නය සංකේ­ත­වත් කිරීම පිණිස ෆීනික්ස් කුරුල්ලා යොදා ගති. ලොව පුරා බොහෝ විප්ල­ව­වාදී සංවි­ධාන දරුණු මර්ද­න­ය­කින් පසු යළි නැඟී සිටීම සංකේ­ත­වත් කළේ ෆීනික්ස් කුරුල්ලා සංකේ­තීය ආද­ර්ශ­යක් ලෙස ගැනී­මෙනි.

ශ්‍රී ලාංකේය දේශ­පා­ල­නය තුළ ද ෆීනික්ස් කුරු­ල්ලාගේ කතා­බහ යළි අස­න්නට ලැබිණි. අතී­තයේ සිදු වූ සියලු වැරදි නිවැ­රදි කර ගෙන, ෆීනික්ස් කුරු­ල්ලකු මෙන් අළු මතින් නැඟී සිට, ඉදිරි දේශ­පා­ලන ජය­ග්‍ර­හණ අත්පත් කර ගැනී­මට සූදා­නම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ස්වකීය පාක්ෂි­ක­යන්ට පසු­ගි­යදා පවසා තිබිණි. ඒ කතා­වට නිමිත්ත වී තිබුණේ එජාප, සජබ සන්ධා­න­යක් පිළි­බඳ ප්‍රවෘ­ත්ති­යයි. විපක්ෂ නාය­ක­යාගේ මෙකී කතාව ඇසූ පළමු අව­ස්ථාවේ අප විම­සි­ලි­මත් වූයේ සමගි ජන බල­වේ­ගය විප්ල­ව­වාදී දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ප්‍රති­පත්ති මාරු කොට ඇද්ද යන්න කෙරෙහි ය. එහෙත් අපට එවැ­න්නක් හඳුනා ගැනී­මට නොලැ­බිණි.

මේ සිදු­වී­ම්ව­ලට අදා­ළව වාර්තා වූ තවත් ප්‍රවෘ­ත්ති­ය­කින් කිය­වුණේ ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා එජාප, සජබ, සර්ව­ජන බලය, පොහො­ට්ටුව යනාදී සියලු පක්ෂ­වල සංයු­ති­ය­කින් මැති­ව­ර­ණ­යට තරග කරන බවයි. කලක් ‘මහා පක්ෂ’ ලෙස නාම­ක­ර­ණය වී තිබූ දේශ­පා­ලන පක්ෂ­ව­ලට වත්මන අත්ව ඇති ඉර­ණම අව­බෝධ කර ගැනී­මට මේ දේශ­පා­ලන ප්‍රවෘ­ත්තිය ම ප්‍රමා­ණ­වත් ය.

සන්ධා­න­ගත වීම හෝ දේශ­පා­ලන පක්ෂ, කණ්ඩා­යම් එකතු වීම දේශ­පා­ල­න­යේදී අලුත් සංසි­ද්ධි­යක් නොවේ. විපක්ෂ නාය­කයා කියන පරිදි එය අළු මතින් නැඟී සිටී­මක් නම්, පළ­මුව කළ යුත්තේ තමන්ගේ දේශ­පා­ලන පක්ෂ හා සංවි­ධාන අළු දූවිලි වන තර­මට විනාශ වූයේ කවු­රුන් විසින් ගනු ලැබූ, කවර ප්‍රති­ප­ත්ති­මය තීන්දු තීරණ හේතු­වෙන් ද යන්න මුලින් හඳුනා ගැනී­මයි.

ආස­න්න­තම මැති­ව­රණ දෙක­කදී ජනතා ඡන්ද­යෙන් ගෙදර ගිය, දේශ­පා­ලන දූෂි­ත­යන් යැයි නාම­ක­ර­ණය වූ බොහෝ පිරි­සක් ඇත්තේ ඉහත සඳ­හන් කළ දේශ­පා­ලන පක්ෂ­වල ය. එබැ­වින් විපක්ෂ නාය­කයා සහ තවත් ඇතැම් පිරිස් යෝජනා කරන්නේ මෙකී දූෂිත දේශ­පා­ල­න­ඥ­යන්ගේ එක­මු­තු­වක් නම්, එය ෆීනික්ස් කුරු­ල්ලාගේ අළු මතින් නැඟී සිටීමේ සිද්ධි­යට සම­පාත කළ හැකි ද?

ජන­තාව ප්‍රති­ක්ෂේප කළ පැරණි දේශ­පා­ල­නික මුහුණු එකට එකතු වීම යනු: ඉකුත් මැති­ව­ර­ණ­ව­ලදී රටේ පොදු මහ­ජ­න­තාව දුන් පණි­වි­ඩය නිවැ­ර­දිව කියවා නොගැ­නී­මකි.  ඉහත දේශ­පා­ල­නික කාර­ණයේ ප්‍රකාශ නොවුණු අර්ථය වන්නේ ජන­තාව කවර තීන්දු­වක් දුන්න ද, ප්‍රභූ දේශ­පා­ල­නයේ හිමි­කා­රි­ත්වය සහ පැවැත්ම ඇත්තේ ඉහත දේශ­පා­ලන පක්ෂ­වල හෙයින්, ඔවුන් යළි යළිත් සන්ධා­න­ගත වන බවයි.

ප්‍රභූ දේශ­පා­ල­නික පෙළැ­න්තිය විසින් මෙර­ටට සිදු කරන ලද හානිය කියවා ගැනී­මට වසර 76ක් ආප­ස්සට ගමන් කළ යුතු නැත; විවෘත ආර්ථි­ක­යෙන් පසු ස්ථාපිත වූ සමාජ ක්‍රමය නිර්මා­ණය වූ වසර 50කට පමණ ආසන්න අතී­තය කරා ගමන් කළ යුතු ද නැත. ගෙවුණු වසර පහේ විග­ණන වාර්තා සහ කෝප් කමිටු වාර්තා කියවා බැලීම ඊට ප්‍රමා­ණ­වත් ය. එය ද ප්‍රමා­ණ­වත් නොවන්නේ නම්, 2005 වසරේ අලුත් ශ්‍රී ලංකා­වක් ගොඩ­න­ඟ­නවා යැයි කියූ රාජ­පක්ෂ පාලන සමයේ සිට 8 වැනි ජනා­ධි­පති වික්‍ර­ම­සිංහ පාලන සමය දක්වා වූ දේශ­පා­ලන ඉති­හා­සය කිය­වීම ප්‍රමා­ණ­වත් ය.

අර්බුද සම­ය­න්හිදී ධන­පති දේශ­පා­ල­නය සන්ධා­න­ගත වීම අලුත් ලක්ෂ­ණ­යක් නොවේ. එය කුණු ගොඩ­කට තවත් කුණු ගොඩක් එකතු වීමට සමාන වීමක් මිසක් අලුත් දේශ­පා­ල­නික ප්‍රව­ණ­තා­වක් හෝ සංක­ල්ප­යක් නොවේ.

‘කොහොම වුණත් ඔක්කොම කුණු බේරු­වල් බොක්කට’ යනු­වෙන් ජන­ප්‍ර­වා­දයේ කිය­ම­නක් පවතී. අපි එය නූතන ඩිජි­ටල් යුගයේ උදා­හ­ර­ණ­යක් බවට පරි­ව­ර්ත­නය කරමු. පරි­ග­ණක සන්නි­වේ­ද­න­යේදී අප විසින් මකා දමන ලද සියලු අන­වශ්‍ය ගොනු සහ ලිපි ලේඛන, ඡායා­රූප Recycle bin නැති නම් Trash binහි එකතු වේ. මෙකී දේශ­පා­ලන සන්ධා­න­ගත වීම අපට නම් පෙනෙන්නේ Trash bin සංයු­ති­යක් ලෙසිනි. එහි ඇත්තේ පාවිච්චි කොට ඉවත දැමූ දේවල්ය. ඒවා­යින් ගත හැකි ප්‍රයෝ­ජ­න­යක් නැත.

‘දේශ­පා­ල­නයේ සදා­කා­ලික මිතුරෝ ද නැත; සදා­කා­ලික සතුරෝ ද නැත’ යන සාම්ප්‍ර­දා­යික, යල් පැන ගිය දේශ­පා­ල­නික සංක­ල්පය එය යළි සිහි­ගැ­න්වී­මක් වුවත්, නව දේශ­පා­ල­නික සංස්කෘ­තිය තුළ එවැනි සාම්ප්‍ර­දා­යික සංක­ල්ප­වල වලං­ගු­භා­වය ද අහෝසි කළ යුතු ය. එබැ­වින් Trash binවල ගොඩ­ගැ­සුණු ඉවත දැමූ ලිපි­ගොනු යළි භාවිත කිරී­මක් නූතන ඩිජි­ටල් යුග­යේදී අපේක්ෂා නොකෙරේ. මන්ද යත්: පරි­ග­ණක ක්‍රියා­ව­ලිය තුළ Permanent delete යනු­වෙන් අව­ස්ථා­වක් ද ඇති හෙයිනි.

වර්ත­මා­නයේ උදා වී ඇත්තේ අලුත් සංකල්ප නිර්මා­ණය වන අව­ධි­යකි. ඒ, Create a new file සංක­ල්ප­යයි. අප බලා­පො­රොත්තු වන්නේ එවැ­න්නකි. එය ආග­මික සාහි­ත්‍යය, සහ මිථ්‍යා කතා­ව­ලින් ඔබ්බට ගිය, අලුත් දේශ­පා­ලන සංස්කෘ­ති­යකි.

සැබ­වින් ම අපි ඒ පිළි­බඳ බලා­පො­රොත්තු පළ කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT