කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස කිරීම හා කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අයවලුන් දෙදෙනා තවදුරටත් ලබන 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (29) නියෝග කළාය.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර මහේස්ත්රාත්වරිය ඊට අවසර ලබා දුන්නාය.