Home » අයිතිකරු පොහොට්ටුවෙන් සිලින්ඩරයට පැන්න දේශපාලකයෙක්
කෑලි මූට්ටු කළ කෝටි 3ක ප්‍රාෙඩා්වක් රත්නපුරෙන් අල්ලයි

අයිතිකරු පොහොට්ටුවෙන් සිලින්ඩරයට පැන්න දේශපාලකයෙක්

by Gayan Abeykoon
January 30, 2025 1:19 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, හල්තොට සමූහ, පාන­දුර සංචා­රක, කළු­තර මධ්යම විශේෂ සහ බණ්ඩා­ර­ගම සමූහ

රත්න­පුර ප්‍රදේ­ශයේ සිටින ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යකු පසු­ගිය මහ­මැ­ති­ව­රණ සම­යේදී දේශ­පා­ලන කට­යුතු සඳහා යොදා­ගත් බව කියන කොටස් එක­ලස් කර සකස් කර ඇති රුපි­යල් කෝටි තුන­කට අධික වටි­නා­ක­මක් ඇති සුඛෝ­ප­භෝගී ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථ­යක් කොන්ක්‍රීට් වැඩ­පො­ළක සඟවා තිබි­යදී සොයා ගැනී­මට පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් පෙරේදා (28) සමත්ව ඇත.

මෙම දේශ­පා­ල­න­ඥයා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කර පසුව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කළ අයකු බව විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ. ඉකුත් මහ­මැ­ති­ව­ර­ණ­යේදී එම දේශ­පා­ල­න­ඥයා මැති­ව­රණ ව්‍යාපා­රයේ නිර­තව සිට ඇත්තේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණින් බව ද සඳ­හන්ය.

නීති විරෝධි ලෙස මෙර­ටට ගෙන්වා හොර පාරෙන් ලියා­ප­දිංචි කර ඇති සුඛෝ­ප­භෝගී වාහන සමඟ දේශ­පා­ල­න­ඥ­යන් කිහි­ප­දෙ­නෙකු මහ­මැ­ති­ව­ර­ණය අව­සන් වීමත් සමඟ පොලී­සි­යට හසු­වී­මත් සමඟ මෙම ප්‍රාඩෝ රථය සඟවා තැබී­මට කට­යුතු කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

මෙම ජිප් රථය අතින් අත පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු වෙත ගොස් අව­සා­න­යේදී රත්න­පුර, අංග­ම්මන කොන්ක්‍රීට් වැඩ­පොළේ සඟවා තිබී ඇති බව විම­ර්ශ­න­යේදී තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත. ඒ අනුව මෙම රථය සඟවා තබා ගැනීම සම්බ­න්ධ­යෙන් එම කොන්ක්‍රීට් වැඩ­පොළේ හිමි­කාර ව්‍යාපා­රි­කයා ඇතුළු පුද්ග­ල­යන් තිදෙ­නෙක් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම ජිප් රථයේ සවි­කර ඇති අංක තහඩු, ලොරි රථ අංක­යක් බවත් චැසි සහ එන්ජින් අංක පවා ව්‍යාජ ලෙස කොටා ඇති බවත් විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ. ලියා­ප­දිංචි විස්ත­ර­ව­ලට අනුව රථයේ පැහැය ලෙස සට­හන්ව තිබී ඇත්තේ MEROON ය. එහෙත් ජිප් රථයේ පැහැය අළු බව පොලී­සිය සඳ­හන් කරයි. ලියා­ප­දිංචි තොර­තු­රු­ව­ලට අනුව එන්ජින් ධාරි­තාව සීසී1280ක් ලෙස සට­හන්ව ඇතත් මෙම රථය සී.සී.2800කට වැඩි එන්ජින් ධාරි­තා­වක් ඇති එකක් බව පොලී­සිය කියයි.

මෙම රථය සමඟ සැක­ක­රු­වන් වැඩි­දුර විම­ර්ශන සඳහා රත්න­පුර පොලිස් ස්ථාන­යට භාර­දී­මට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය පිය­වර ගෙන ඇත.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරි කේ.ඒ. උදය කුමාර මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් එහි ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සිරි­ව­ර්ධන, පොලිස් සැර­ය­න්ව­රුන් වන සම­ර­කෝන් (36136), පුෂ්ප­කු­මාර (51068), සම්පත් (34950), කොස්තා­ප­ල්ව­රුන් වන බාල­සූ­රිය (77090) , දේශාන් (99411), ප්‍රනාන්දු (105103), ගයාන් (99635) සහ පොලිස් කොස්කා­පල් රියැ­දුරු අබේ­රත්න (89631) යන නිල­ධා­රීන් මෙම වැට­ලීම සිදු­කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT