Home » මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

by Gayan Abeykoon
January 30, 2025 1:17 am 0 comment

උතුරු පළාත් විශේෂ, අනු­රා­ධ­පුර අධි­ක­රණ සහ අනු­රා­ධ­පුර සංචා­රක

අනු­රා­ධ­පුර, ගල්වල හන්දි­යේදී රථ­වා­හන රාජ­කා­රියේ නිර­තව සිටි පොලිස් නිල­ධා­රීන්ට සාප­රාධී බල­හ­ත්කා­රය පා රාජ­කා­රි­යට බාධා කිරීම සම්බ­න්ධ­යෙන් යාප­නය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය රාම­නා­දන් අර්චුනා මහතා යාප­න­යේදී ඊයේ (29) සවස අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීති­වේදී බුද්ධික මන­තුංග මහතා පැව­සීය.

විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් යාප­න­යට ගොස් මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර ඇත.

පොලිස් නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර­මින් පොලිස් නිල­ධා­රීන්ට සාප­රාධී බල­පෑ­මක් මෙම මන්ත්‍රී­ව­ර­යා­ගෙන් සිදු­වන්නේ යැයි පැව­සෙන්නේ පසු­ගිය 20 වැනිදා රාත්‍රී කාල­යේ­දීය. ඒ ඔහු ගමන් කළ මෝටර් රථයේ නිල් සහ රතු පැහැති වී.අයි.පී. විදුලි පහන් දල්වා­ගෙන ධාව­නය කිරීම සම්බ­න්ධ­යෙන් පොලී­සිය වාහ­නය නවතා පරීක්ෂා කිරී­මට ගිය අව­ස්ථා­වේ­දීය.

රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැ­තිව මෝටර් රථ­යක් පද­ව­මින් අනු­රා­ධ­පුර කොට්ඨාස රථ­වා­හන අංශයේ නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර සාප­රාධී බල­හ­ත්කා­ර­ය­පෑමේ සිද්ධියේ සැක­කරු ලෙස යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය රාම­නා­දන් අර්චුනා මහ­තාව අනු­රා­ධ­පුර පොලී­සිය අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට වැඩි­දුර වාර්තා­වක් මඟින් දැනුම් දෙන්නේ ඊයේ (29) ය.

මෙම සිද්ධි­යට අදාළ නඩුව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලී­සිය කළ ඉල්ලී­ම­කට අනුව මෝස­මක් මඟින් අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් නාලක සංජීව ජය­සූ­රිය මහතා ඉදි­රියේ යළි කැඳවූ අව­ස්ථා­වේදී මෙම කරුණු ඉදි­රි­පත් විණී.

වැඩි­දුර වාර්තාව ඉදි­රි­පත් කර­මින් අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලී­සිය තව­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේ, මෙම රථ­වා­හන නඩු­වට අදාළ සැක­කරු ලෙස අර්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳ­හන් වූයේ අත­ප­සු­වී­ම­කින් බවයි.

ඒ පිළි­බ­ඳව අධි­ක­ර­ණ­යෙන් සමාව අය­දින බව ද පොලී­සිය කීවේය.

පොලී­සියේ කරුණු දැක්වීම් සැල­කි­ල්ලට ගත් ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා , මෙම නඩුවේ නිවැ­රදි සැක­කරු ලෙස රාම­නා­දන් අර්චුනා යන අය බවට පිළි­ග­නි­මින් නඩුව යළි පෙබ­ර­වාරි මස 3 වැනි දින කැඳ­වී­මට නියෝග කළේය.

අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි හේවා­ප­ති­රණ මහ­තාගේ උප­දෙස් මත අනු­රා­ධ­පුර මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්.එම්. කේ. ජය­වීර මහතා මෙහෙ­ය­වීම යටතේ මෙම වැඩි­දුර වාර්තාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරිණ.

මන්ත්‍රී­ව­ර­යාව යාප­න­යේදී අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ අධි­ක­ර­ණ­යට මෙසේ කරුණු දැක්වී­මෙන් අන­තු­රු­වය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT