Home » රජයේ ආයෝ­ජන ප්‍රාග්ධන විය­ද­මට අය­වැ­යෙන් ට්‍රිලි­යන 1.35ක්

රජයේ ආයෝ­ජන ප්‍රාග්ධන විය­ද­මට අය­වැ­යෙන් ට්‍රිලි­යන 1.35ක්

ආර්ථික පරි­ව­ර්ත­න සමුළුව අමතමින් ජනපති කියයි

by Gayan Abeykoon
January 30, 2025 1:08 am 0 comment

උපාලි කරු­ණා­රත්න, ජය­සිරි මුණ­සිංහ

රාජ්‍ය යාන්ත්‍ර­ණය අනි­වා­ර්ය­යෙන්ම ඩිජි­ට­ල්ක­ර­ණය කළ යුතුයි

මෑත­කා­ලයේ රජ­යක් ප්‍රාග්ධන විය­දම් සඳහා වැය කරන විශා­ලම මුදල සනි­ටු­හන් කර­මින් ඉදිරි අය­වැ­යෙන් ට්‍රිලි­යන 1.35ක් රජයේ ආයෝ­ජන ප්‍රාග්ධන විය­දම් ලෙස වෙන් කිරී­මට අපේක්ෂා කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ දී පෙරේදා (28) පස්ව­රුවේ පැවති 2025 ආර්ථික සමු­ළුව අම­ත­මිනි. “ආර්ථික පරි­ව­ර්ත­නය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩ­ලය විසින් මෙම සමු­ළුව සංවි­ධා­නය කරන ලදි.

දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය, ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණි­ගත කිරීම ඉහළ දැමීම පාදක කර­ගෙන අග්නි­දිග ආසි­යාවේ පරි­ව­ර්ත­න­යක් සඳහා ශ්‍රී ලංකාව සූදා­නම් කිරීම මෙම සමු­ළුවේ අර­මු­ණයි. එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රග­ති­යක් ඇති කිරීම මෙම­ඟින් අපේක්ෂා කෙරේ.

ජනා­ධි­ප­ති­ව­රයා එහිදී මෙසේ ද කීවේය.

“මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේග­යක් රජය අපේක්ෂා කර­නවා. එම ඉල­ක්කය ජය ගැනී­මට නම් සෘජු විදේශ ආයෝ­ජන සඳහා අවශ්‍ය පහ­සු­කම් සැල­සිය යුතු වෙනවා.

අපි මීට පෙර බලය හොබ­වපු නැති දේශ­පා­ලන ව්‍යාපා­ර­යක්. පසු­ගිය කාලය තුළ ව්‍යාපා­රික කණ්ඩා­යම්, ආයෝ­ජ­ක­යන් සහ ඇතැම් ජාත්‍ය­න්තර ප්‍රජාව තුළ අප කෙරෙහි සැක­යක් තිබුණා නම්, මේ වන­විට එම සැකය තුරන් කර රජයේ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ සහ ඉදිරි ගම­න්මඟ පිළි­බඳ විශ්වා­ස­යක් ගොඩ­නැ­ඟී­මට අපට හැකි වී තිබෙ­නවා. එය පසු­ගිය මාස දෙක තුළ අප ලැබු සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යක්.

මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේග­යක් රජය අපේක්ෂා කර­නවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභි­යෝ­ග­යක් වුවත් එය සාර්ථක කර­ගත හැකි අභි­යෝ­ග­යක් ලෙස අපි සල­ක­නවා. එහිදී අප ක්ෂේත්‍ර ගණ­නා­ව­කට ප්‍රමු­ඛ­තාව ලබාදී කට­යුතු කර­මින් සිටි­නවා.

විශේ­ෂ­යෙන් ඉදිරි අය­වැ­යෙන් ට්‍රිලි­යන 1.35ක් රජයේ ආයෝ­ජන, ප්‍රාග්ධන විය­දම් ලෙස වැය කිරී­මට අපි බලා­පො­රොත්තු වෙනවා. එය මෑත­කා­ලයේ රජ­යක් ප්‍රාග්ධන විය­දම් සඳහා වැය කරන විශා­ලම මුදල වනු ඇති.

පසු­ගිය රජ­යන්හි අකා­ර්ය­ක්ෂ­ම­තාව හේතු­වෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළු­ම­නින්ම වැය වීම සිදු වුණේ නැහැ. 75%ක් – 80%ක් වගේ මුද­ලක් පම­ණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළු­ම­නින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර­ණය අපි සකස් කර­නවා.

ආයෝ­ජන සම්බන්ධ ආය­තන අයත් වන අමා­ත්‍යාං­ශ­වල ලේක­ම්වරු සහ රාජ්‍ය නිල­ධා­රීන් සමඟ අපි පසු­ගි­යදා දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

සාමා­න්‍ය­යෙන් අපේ රටේ ආයෝ­ජ­න­යක් කැඳ­වී­මට ආය­තන 82කින් අව­සර ගත­යුතු බව එහිදී අනා­ව­ර­ණය වුණා. එම වාර්තාව අනුව මෙම ආය­ත­න­ව­ලින් අව­සර ලබා ගැනී­මට වසර දෙක­හ­මා­ර­කට වැඩි කාල­යක් ගත වෙනවා.

පරි­සර ක්ෂේත්‍රය සඳහා අව­සර ලබා ගැනී­මට ආය­තන 11ක් තිබෙ­නවා. ඒ සඳහා වැඩ කරන දින 269ක කාල­යක් ගත­වෙ­නවා. ප්‍රායෝ­ගි­කව ගත­හොත් වසර දෙක­කට වැඩි කාල­යක් ගතවී තිබෙ­නවා. එය දින 82කට අඩු කිරී­මට රජය සැල­සුම් කර තිබෙ­නවා. ඒ වගේම ආයෝ­ජන ව්‍යාපෘ­ති­යක් සඳහා අනෙ­කුත් අව­සර පත්‍ර ආය­තන 8කින් ලබා­ගත යුතුව තිබෙ­නවා. ඒ සඳහා ප්‍රායෝ­ගි­කව සති 184ක් ගතවී තිබෙ­නවා. එය දින 102ක් වැනි කාල­ය­කට අඩු කිරී­මට අපි අපේක්ෂා කර­නවා.

ව්‍යාපෘ­ති­යක් ඇග­යී­මට භාජ­නය කර තීර­ණ­යක් ලබා දීමට ආයෝ­ජන මණ්ඩ­ලය දින 80කට ආසන්න කාල­යක් ගන්නවා. එය සති දෙකක් වැනි කාල­ය­කට අඩු කර ගැනීම අපේ අපේ­ක්ෂා­වයි.

ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කර­නවා නම්, ඍජු විදේශ ආයෝ­ජන සඳහා අවශ්‍ය පහ­සු­කම් සැල­සිය යුතුයි. ඒ වගේම සංචා­රක කර්මා­න්තයේ වේග­වත් පිම්මක් ගැනී­මට අපට අව­ස්ථාව තිබෙ­නවා. මිලි­යන 03ක් ඉක්මවා යන සංචා­ර­ක­යන් ප්‍රමා­ණ­යක් මේ වසරේ මෙර­ටට කැඳවා ගැනී­මට අපේක්ෂා කර­නවා.

විශේ­ෂ­යෙන් තොර­තුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධ­න­යක් අත්පත් කර­ගත හැකියි. මේ මාර්තු මාසයේ බට­හිර ජැටියේ මෙහෙ­යුම් ආරම්භ කිරී­මට නිය­මි­තව තිබෙ­නවා. ජූලි මාසය වන­විට නැඟෙ­න­හිර ජැටියේ මෙහෙ­යුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධ­න­යක් අත්පත් කර­ගත හැකියි.

අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධ­නය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැල­කි­ල්ලට භාජ­නය කළ යුතු ක්ෂේත්‍ර ගණ­නා­වක් අපි හඳු­නා­ගෙන තිබෙ­නවා. ඒ නිසා මේ ඉලක්ක ජය­ග්‍ර­හ­ණය කළ හැකියි.

මේ වන­වි­ටත් අපි සාම්පූර් බලා­ගා­රය සඳහා එක­ඟ­තාව පළ කර තිබෙ­නවා. ඒ වගේම වරායේ දීර්ඝ කාල­යක් සිරවී තිබූ සැප­යුම් මධ්‍ය­ස්ථා­නය ඉතා ඉක්ම­නින් ආරම්භ කිරී­මට අපි අපේක්ෂා කර­නවා. ආයෝ­ජන මණ්ඩ­ලයේ ව්‍යාපෘති ගණ­නා­වක් සිර වී තිබෙ­නවා. අපි එම ව්‍යාපෘති වේග­යෙන් ඉදි­රි­යට ගෙන­යෑම සඳහා අවශ්‍ය අව­ස­රය සහ බල­පත්‍ර ලබා දීමට කට­යුතු කර­නවා.

එමෙන්ම අපි ඉන්දි­යාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණ­නා­වක් පිළි­බඳ සාකච්ඡා කර­මින් සිටි­නවා. ඒ නිසා සැල­කිය යුතු විදෙස් ආයෝ­ජන ප්‍රමා­ණ­යක් මෙර­ටට කැඳ­වා­ගත හැකියි කියන විශ්වා­ස­යෙන් අපි කට­යුතු කර­නවා.

ආයෝ­ජන කැඳවා ගැනී­මට පසු­ගිය ආණ්ඩු අස­මත් වී තිබෙ­නවා. ඒ වගේම ආයෝ­ජන මණ්ඩ­ලය කාර්ය­ක්ෂ­ම­තා­ව­කින් වැඩ­කර නැහැ. එම නිසා නව ව්‍යුහ­යක් ආර්ථික පරි­ව­ර්තන පනත මඟින් යෝජනා කර තිබෙ­නවා. නමුත් එහි සම්පූ­ර්ණම ක්‍රම­වේ­ද­යක් නැහැ. ආර්ථික පරි­ව­ර්තන පනත සංශෝ­ධන සහි­තව ඉදි­රි­යට ක්‍රියා­ත්මක කිරී­මට වර්ත­මාන රජය බලා­පො­රොත්තු වෙනවා.

පසු­ගිය කාලයේ දී දේශ­පා­ලන අධි­කා­රිය ලබා දුන් තීන්දු රාජ්‍ය යන්ත්‍ර­ණය ක්‍රියා­ත්මක කිරීමේ දී ප්‍රති­වි­රෝ­ධ­යක් මතු වුණා. රාජ්‍ය යන්ත්‍ර­ණය හැම­දාම සිතුවේ දේශ­පා­ලන අධි­කා­රිය සඟවා ගත් දෙයක් ක්‍රියා­ත්මක කිරී­මට යනවා කියලා. නමුත් මේ වන­විට දේශ­පා­ලන අධි­කා­රියේ සැඟ­වුණු අර­මුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙ­නවා. ඒ නිසා රාජ්‍ය යන්ත්‍ර­ණය අපට සහ­යෝ­ගය ලබා දෙයි කියා විශ්වාස කර­නවා.

මෙහිදී රාජ්‍ය යන්ත්‍ර­ණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි. නිශ්චිත කාල­යට තීන්දු, තීරණ නොගත් විට අපේ­ක්ෂිත ප්‍රති­ඵල ලැබෙන්නේ නැහැ.

ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම තුළින් පහ­සුව, කාර්ය­ක්ෂ­ම­තාව පම­ණක් නොව රට තිබෙන තැනින් නව තල­ය­කට ඔසවා තැබී­මට ද හැකි­යාව තිබෙ­නවා. එම නිසා මේ අව­ස්ථාවේ රාජ්‍ය යන්ත්‍ර­ණය අනි­වා­ර්ය­යෙන්ම ඩිජි­ට­ල්ක­ර­ණය කළ යුතුයි.

ඩිජි­ටල් හඳු­නු­ම්පත පිළි­බඳ මිථ්‍යා මත විද්‍යා­ත්ම­කව බිඳ දමා නව ලෝක­යට සරි­ලන අන­න්‍ය­තා­වක් ඇති කිරී­මට හැකි­යාව තිබෙ­නවා. ඒ සඳහා ඉන්දි­යානු රජය රුපි­යල් බිලි­යන 10ක ප්‍රදා­න­යක් ලබා දෙනවා.

පරි­පා­ල­නය සඳහා නව වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය බව පැහැ­දි­ලියි.

මෙතෙක් පැවති රාජ්‍ය පරි­පා­ල­නය අසා­ර්ථක හා දූෂිත බව පෙනී ගොස් තිබෙ­නවා. ඒ වගේම රාජ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දැරිය යුතු විශාල පිරි­වැ­යක් තිබෙ­නවා. සම­හර ආය­ත­න­වල දැන් කළ යුත්තක් නැහැ. යුගයේ අව­ශ්‍යතා අනුව එම ආය­තන ස්ථාපිත කළත් ඒ සඳහා වර්ත­මා­නයේ දී කරන්න වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. එක් ක්ෂේත්‍ර­යක් සඳහා රාජ්‍ය ආය­තන ගණ­නා­වක් තිබෙ­නවා. ඒ සියල්ල ඒකා­බද්ධ කළ යුතුයි.

මෙරට ආර්ථි­කයේ අප­න­යන ආදා­ය­මෙන් 90%ක් ලබා දෙන්නේ ආය­තන කිහි­ප­යක් පම­ණයි. රේගු ආදා­ය­මෙන් 69%ක් ලබා දෙන්නේ ෆයිල් 621යි. ඒ වගේම බස්නා­හිර පළාත ජාතික ආර්ථි­ක­යට 37%ක් දායක වන­විට ඌව පළාත ජාතික ආර්ථි­ක­යට දායක වෙන්නේ 5%ක් පම­ණයි. ආර්ථි­කය කුඩා කණ්ඩා­යම් අත පම­ණක් තැබී­මෙන් ආර්ථි­කය ප්‍රසා­ර­ණය කරන්න බැහැ.

අස්වැ­සුම ප්‍රති­ලාභ සඳහා රුපි­යල් මිලි­යන 1.8ක් ලබා දෙනවා. නමුත් තවත් ලැබිය යුතු කණ්ඩා­යම් සිටි­නවා. ග්‍රාමීය දුප්ප­ත්භා­වය තුරන් කිරීම සඳහා නව ආර්ථික අවස්ථා ඇති කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ අපේ­ක්ෂාව වන්නේ නව ආර්ථික ප්‍රභ­ව­යන්, අවස්ථා ගමට හඳුන්වා දීමයි. එසේ සිදු වීමේදී ආර්ථික ප්‍රති­ලාභ ගමට ගලා­ගෙන යනවා. ජන­තා­වගේ ක්‍රය­ශ­ක්තිය වැඩි වීම තුළින් ග්‍රාමීය දුප්ප­ත්භා­වය තුරන් කළ හැකියි.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පැව­තුණේ පුද්ග­ල­යන් ඉලක්ක කර­ගෙන ආධාර ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළයි. එහිදී එක් පුද්ග­ල­යෙක් ඉලක්ක කර­ගෙන මී ගව­යෙක් හෝ කුකුළු පැට­වුන් ලබා දීම සිදු කළා. එය සාර්ථක නම් මේ වන­විට ගොවි­පො­ළ­වල් විශාල ගණ­නක් තිබිය යුතුයි. එම නිසා ප්‍රජාව සවි­බ­ල­ගැ­න්වීම සඳහා නව ආර්ථික ප්‍රභ­ව­යන් ඇති කිරී­මට වත්මන් ආණ්ඩුව සැල­සුම් කර තිබෙ­නවා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නිර්ණා­යක තුළ හිඳි­මින් ආධාර අවශ්‍ය ප්‍රති­ලා­භීන් සඳහා වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරී­මට රජය කට­යුතු කර­මින් සිටි­නවා. මූල්‍ය උත්තේ­ජ­න­යක් ඇති කිරී­මට ඉල­ක්ක­ගත වැඩ­පි­ළි­වෙ­ළක් අප සතුව තිබෙ­නවා. මෙරට තිබූ සහ­නා­ධාර ක්‍රම­වේ­දය මුළු­ම­නින්ම දේශ­පා­ල­නී­ක­ර­ණය වෙලා තිබුණේ. එය අපි නවතා දම­නවා. නිශ්චි­ත­වම සහ­නා­ධාර ලැබිය යුතු කෙනාට ලබා දීමේ ක්‍රම­වේ­දය ආරම්භ කර තිබෙ­නවා.

වෙ‍ෙළ­ඳ­පොළ නිද­හස් බව පැව­සු­වත් ලෝකයේ වෙ‍ෙළ­ඳ­පොළ නිද­හස් නැහැ. ලෝක වෙ‍ෙළ­ඳ­පොළ බෙදා වෙන් වී තිබෙ­නවා. ඒ බෙදා වෙන් වී තිබෙන වෙ‍ෙළ­ඳ­පො­ළෙන් අපේ පංගුව අත්පත් කර­ගන්න රජය කට­යුතු කර­මින් සිටි­නවා. ඒ සඳහා අපට ආස­න්නම වෙ‍ෙළ­ඳ­පොළ තිබෙන ඉන්දි­යාව සමඟ ලෝක වෙ‍ෙළ­ඳ­පො­ළට ප්‍රවිෂ්ට වීමට අප අධ්‍ය­ය­නය කර­මින් සිටි­නවා.

මීට පෙර ඉන්දි­යාව සමඟ තිබූ වෙ‍ෙළඳ ගිවි­සුම අධ්‍ය­ය­නය කර­මින් එහි වාසි අවාසි පිළි­බඳ සැල­කි­ල්ලට ගෙන නව වෙළෙඳ ගිවි­සු­මක් ඔස්සේ ලෝක වෙ‍ෙළ­ඳ­පොළ පංගුව අත්පත් කර ගැනී­මට බලා­පො­රොත්තු වෙනවා.

ලෝකය ප්‍රකාශ මත ඉදි­රි­යට යන්නේ නැහැ. දැනට එක්සත් ජන­ප­දය විසින් කර­න­ලද ප්‍රකා­ශ­ව­ලින් ගැටු­ම්කාරී හෝ බිය­ජ­නක අවස්ථා ඇතිවේ යැයි සිත­න්නට පුළු­වන්. නමුත් ලෝකය ප්‍රකා­ශ­ව­ලින් නව­තින්නේ නැහැ.

රට හදන්න අපි සියලු දෙනා එකතු වෙමු. රටට රාජ්‍ය සේවය ලබා­දීම සඳහා විශාල වැය බරක් දැරී­මට සිදු වෙනවා. රාජ්‍ය සේවයේ මිලි­යන 1.3ක් ඉන්නවා. රාජ්‍ය සේවයේ පහළ ස්ථරය අති­රි­ක්ත­යක් වුවත් මැද ස්ථරයේ විශාල සේවක හිඟ­යක් තිබෙ­නවා. මේ සඳහා විභා­ග­යක් පැවැ­ත්වු­ව­හොත් පෞද්ග­ලික අංශයේ රැකියා කරන අය පවා පැමි­ණෙ­නවා.

පෞද්ග­ලික අංශයේ ආක­ර්ෂ­ණය නොවන රාජ්‍ය අංශයේ ආක­ර්ෂ­ණය වන රාජ්‍ය සේවා­වක් අපේ රටේ තිබෙන්නේ. එම නිසා පෞද්ග­ලික අංශ­යත් ආක­ර්ෂ­ණීය සේවා කරන ස්ථාන­යක් බවට සංවා­ද­යක් ඇති කළ යුතුයි.

1991 වසරේ දී වතු රජය සමා­ග­ම්ව­ලට ලබා දුන්නා. නමුත් වසර තිස් දෙකක් ගියත් වතු සේව­ක­ය­කුට දෛනි­කව රුපි­යල් 1700ක් ලබා දීමට සමත්ව නැහැ. එවිට එම සමා­ගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි.

ඊයේ රේගුවේ දී නීති විරෝ­ධීව ගෙනා බහ­ලුම් විවෘත කර බැලුවා. එය ගැන්වීම් කළ කෙනෙක් හිටියේ නැහැ. නමුත් එම බහ­ලුම් විවෘත කර බැලූ විට ප්‍රසිද්ධ සමා­ග­මක ලේබල් අලවා තිබුණා. එම නිසා ජන­තාව ආකල්ප වශ­යෙන් වෙනස් විය යුතුයි. දේශ­පා­ලන අධි­කා­රියේ ගුණාංග අප ගෙන­විත් තිබෙ­නවා. නමුත් ඔබ තුළ පරි­ව­ර්ත­නීය වෙන­සක් ඇති නොකර රටක් හැටි­යට ඉදි­රි­යට යන්න බැහැ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතු­රංග අබේ­සිංහ, මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ , ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක දුමින්ද හුළං­ග­මුව යන මහ­ත්වරු සහ වාණිජ මණ්ඩ­ලයේ නිල­ධා­රීහු ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ඡායා­රූප – රුක්මල් ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT