Home » බන්ධ­නා­ගාර රෝහලේ විෂ­මතා ඉවත් කර ප්‍රති­කාර කිරීමේ නිසි ක්‍රම­වේ­ද­යක් හදන්න

බන්ධ­නා­ගාර රෝහලේ විෂ­මතා ඉවත් කර ප්‍රති­කාර කිරීමේ නිසි ක්‍රම­වේ­ද­යක් හදන්න

සිර­කරු අයි­ති­වා­සි­කම් සුරැ­කීමේ කමි­ටුව සෞඛ්‍ය ඇමැ­ති­ගෙන් ඉල්ලයි

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

බන්ධ­නා­ගා­ර­වල සිටින රෝගී රැඳ­වූ­වන්ට ප්‍රති­කාර කිරී­මේදී විෂ­මතා පව­තින බවත් එම විෂ­මතා ඉවත් කර බන්ධ­නා­ගාර රෝහල තුළ සිර­ක­රු­වන්ට ප්‍රති­කාර කිරීමේ නිසි ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කරන ලෙසත් සිර­කරු අයි­ති­වා­සි­කම් සුරැ­කීමේ කමි­ටුවේ නියෝ­ජි­ත­යන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තා­ගෙන් ඉල්ලී­මක් කර ඇත.  සිර­කරු අයි­ති­වා­සි­කම් සුරැ­කීමේ කමි­ටුවේ නියෝ­ජි­ත­යන් පෙරේදා (28) සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හසංක විජේ­මුණි මහ­ත්ව­රුන් හමුවූ අව­ස්ථා­වේදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.  බන්ධ­නා­ගාර තුළ සිටින රෝගී සිර­ක­රු­වන්ට කිසිදු දේශ­පා­ලන භේද­ය­කින් තොරව ප්‍රති­කාර කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් මේ වන විට අවශ්‍ය වී ඇති බවත් අදාළ සිර­ක­රු­වන්ගේ වත්පො­හො­ස­ත්කම්, දේශ­පා­ලන උස්ප­හ­ත්කම් ආදී වශ­යෙන් වෙන් වෙන් වශ­යෙන් නොස­ල­ක­මින් සිය­ලුම රෝගී සිර­ක­රු­වන්ට එකසේ ප්‍රති­කාර ලබා දීමට බන්ධ­නා­ගාර රෝහල් තුළ කට­යුතු සල­ස­න්නැ­යිද එහිදී ඇමැ­ති­ව­ර­යා­ගෙන් තම කමි­ටුව ඉල්ලී­මක් කළ බව සිර­කරු අයි­ති­වා­සි­කම් සුරැ­කීමේ කමි­ටුවේ විධා­යක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතා කියයි.  බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළම පව­තින විශාල ගැට­ලු­වක් වන තද­බ­දය බන්ධ­නා­ගාර රෝහල් සඳ­හාද විශාල ගැට­ලු­වක්ව පව­තින බවත් එහි තද­බ­දය අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා­මාර්ග කඩි­නම් කළ යුතු බවත් මෙහිදී අව­ධා­ර­ණය කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT