රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැර ඇති බව කියැවෙන හා ආන්දෝලනයට මේ වන විට තුඩුදී ඇති ආනයනික බහලුම 323 අතර එක්ස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහලුම් කිසිවක් අඩංගු නොවන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම බහලුම් තුළ අවි ආයුධ, රත්රන් හා මත් ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමෙන් හා රේගු ආදායම අහිමි වීමේ හැකියාවක් නොපැවති බවද එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
මේ පිළිබඳ වාර්තාවක් කම්කරු අමාත්‍ය හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාය අනිල් ජයන්ත මහතා විසින් පසුගිය 22 දින පාර්ලිමේන්තුවේ සභාගත කළ බවද එම නිවේදනය නිකුත් කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා සදහන් කර ඇත.
ආනයක බහාලම 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීම යන මැයෙන් එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින්ය.