Saturday, May 10, 2025
Home » නිද­හස් කළ බහලුම් 323 අතර නීති විරෝධී දේ නැහැ

නිද­හස් කළ බහලුම් 323 අතර නීති විරෝධී දේ නැහැ

රේගු අධ්‍යක්ෂ ජන­රා­ල් ත­හ­වුරු කරයි

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

රේගු පරී­ක්ෂා­ව­කින් තොරව මුදා හැර ඇති බව කියැ­වෙන  හා ආන්දෝ­ල­න­යට මේ වන විට තුඩුදී ඇති ආන­ය­නික බහ­ලුම 323 අතර එක්ස්පෝ ලංකා යන ආය­ත­නය නමින් ආන­ය­නය කර ඇති බහ­ලුම් කිසි­වක් අඩංගු නොවන බව ශ්‍රී ලංකා රේගුව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

එම බහ­ලුම් තුළ අවි ආයුධ, රත්රන් හා මත් ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝ­ධිව රට තුළට පැමි­ණී­මෙන් හා රේගු ආදා­යම අහිමි වීමේ හැකි­යා­වක් නොපැ­වති බවද එම නිවේ­ද­නය මගින් සඳ­හන් කර ඇත.

මේ පිළි­බඳ වාර්තා­වක් කම්කරු අමාත්‍ය හා ආර්ථික කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය මහා­චාය අනිල් ජයන්ත මහතා විසින් පසු­ගිය 22 දින පාර්ලි­මේ­න්තුවේ සභා­ගත කළ බවද එම නිවේ­ද­නය නිකුත් කර­මින් රේගු අධ්‍යක්ෂ ජන­රාල් සරත් නෝනිස් මහතා සද­හන් කර ඇත.

ආන­යක බහා­ලම 323 ක් කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව නිද­හස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­ර­ණය වන ප්‍රකා­ශය පිළි­බඳ පැහැ­දිලි කිරීම යන මැයෙන් එම නිවේ­ද­නය නිකුත් කර තිබෙන්නේ රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ අත්ස­නින්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT