Home » කතුන්ගේ නිරු­වත වීඩියෝ කර තර්ජ­න­යෙන් කප්පම් ඉල්ලූ අයෙක් දැලේ

කතුන්ගේ නිරු­වත වීඩියෝ කර තර්ජ­න­යෙන් කප්පම් ඉල්ලූ අයෙක් දැලේ

සැක­ක­රුට සිම් සැපයූ අය­කුත් මාට්ටු

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක බී.ජී. චතු­රංග

බස් රථ­යක ගමන් කර­මින් සිටි කාන්තා­ව­කගේ රහස් ප්‍රදේ­ශය ජංගම දුර­ක­ත­න­යක් මඟින් සූක්ෂ්ම ලෙස වීඩි­යෝ­ගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින බව පව­ස­මින් ඇය­ගෙන් රුපි­යල් ලක්ෂ 2ක මුද­ලක් ඉල්ලීමේ පැමි­ණි­ල්ල­කට අදා­ළව අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වකු හා ඔහුට සහාය වූ අයකු සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කර ප්‍රධාන සැක­කරු විසින් සිදු කරන ලද අප­රාධ රැසක් හෙළි කර ගැනී­මට හැකිව තිබේ.

එම විම­ර්ශන සිදු කළ අප­රාධ විම­ර්ශන දෙපා­ර්ත­මේ­න්තුව, දුර­ක­තන කුලුනු වාර්තා විශ්ලේ­ෂ­ණය කිරී­මේදී ප්‍රධාන සැක­කරු අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ වැසි­කි­ළි­යක් තුළදී, නග­රයේ පොදු වැසි­කි­ළි­යක් තුළදී, බස් රථ තුළදී සහ නිවෙ­සක නාන කාම­ර­යක් තුළදී කළ­ම­නා­කාර සහ­කා­ර­ව­රි­යන් දෙදෙ­න­කුගේ හා පෞද්ග­ලික ආය­තන සේවි­කා­ව­කගේ නිරු­වත ඡායා­රූ­ප­ගත කර ඇති බවත්, නිවෙ­සක නාන කාම­ර­යක මවක් සහ පාසල් සිසු­වි­යක් දිය නාන අයුරු රහ­සි­ග­තව පටි­ගත කර එම දර්ශන වට්ස්ඇප් ඔස්සේ යවා මුදල් ඉල්ලා තර්ජ­නය ඇති බවත් අනා­ව­ර­ණය කර ගෙන තිබේ.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ මහ­ග­ල්ක­ඩ­වල, පාලු­සි­ය­ඹ­ලාව ප්‍රදේ­ශයේ පදිංචි 36 හැවි­රිදි පුද්ග­ල­යකු සහ එම ප්‍රධාන සැක­ක­රුට දුර­ක­තන සිම් කාඩ්පත් ලබා දුන් ඉබ්බා­ග­මුව, වල­ව්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 45 හැවි­රිදි පුද්ග­ල­යෙකි. අත්අ­ඩං­ගු­වට ගත් ප්‍රධාන සැක­ක­රුගේ ප්‍රශ්න­ගත සිම් කාඩ් පතට අදා­ළව ලබා­ගෙන ඇති දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා පරීක්ෂා කිරී­මේදී සැක­කරු තවත් කාන්තා­වන් රැස­කගේ නිරු­වත් දර්ශන පටි­ගත කර මෙම වීඩියෝ සහ ඡායා­රූප දර්ශන වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ අදාළ කාන්තා­වන් වෙත යොමු කර තර්ජ­නය කර මුදල් ලබා ගැනී­මට තැත් කර ඇති බව අප­රාධ විම­ර්ශන දෙපා­ර්ත­මේ­න්තුවේ හෙළි කර ගෙන තිබේ.

ප්‍රධාන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථා­වේදී මෙම අප­රාධ සඳහා යොදා ගත් ජංගම දුර­ක­තන 5ක්, සිම් කාඩ්පත් කිහි­ප­යක්, දත්ත ගබ­ඩා­වක් (මෙමරි චිප්) සන්ත­කයේ තිබී සොයා ගත් බවත්, ඔහු කල­හ­කා­රීව හැසි­රෙ­මින් ප්‍රශ්න­ගත වීඩියෝ දර්ශන අන්ත­ර්ග­තව ඇති දත්ත ගබ­ඩා­වක් (මෙමරි චිප්) හානි කර දමා තිබූ බවත් අනා­ව­ර­ණය වී ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් අන­තු­රුව මෙම ප්‍රධාන සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරුණු අතර, අද (30) මෙම නඩුව යළි කැඳ­වී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT