රාගම නගරයේ රාත්‍රී ආපණ ශාලාවලට පැමිණ තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, සුරාබදු නිලධාරියකු හෝ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු බවට පවසමින් ඒවායේ ආහාර පරීක්ෂා කර බලා එම ආහාර නියමිත ප්‍රමිතියෙන් තොරව අපිරිසුදු තත්ත්වයෙන් පවතින බවට පවසමින් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට අල්ලස් වශයෙන් මුදල් සහ ආහාරපාන ලබා ගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. රාගම පොලීසියට ලද තොරතුරක් මත පුළුල් විමර්ශනයක් සිදු කර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් පුද්ගලයා කාලයක සිට රාගම නගරයේ රාත්‍රී ආපණ ශාලා රැසකට පැමිණ එම ආපණ ශාලා හිමිකරුවන් මුළා කර බියවද්දා මෙලෙස එම ආපණ ශාලාවලින් අල්ලස් වශයෙන් මුදල් සහ ආහාර පාන ලබා ගත් පුද්ගලයා බවට ප්‍රදේශයේ රාත්‍රී ආපණ ශාලාවල හිමිකරුවන් පිරිසක් හඳුනාගෙන තිබිණ.
සැකකරු රැකියාව ලෙස ආපණ ශාලාවක සූපවේදියකු ලෙස කටයුතු කරන අයකු බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.