Home » පීඑ­ච්අයි-පොලිස්-සුරා­බදු වෙසින් රෑ කඩ­ව­ලින් අල්ලස් ගත් තරු­ණයා කොටු

පීඑ­ච්අයි-පොලිස්-සුරා­බදු වෙසින් රෑ කඩ­ව­ලින් අල්ලස් ගත් තරු­ණයා කොටු

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

මහර සමූහ - ගණිඳු රෝචන සම­ර­තුංග

රාගම නග­රයේ රාත්‍රී ආපණ ශාලා­ව­ලට පැමිණ තමන් මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යකු, සුරා­බදු නිල­ධා­රි­යකු හෝ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රි­යකු බවට පව­ස­මින් ඒවායේ ආහාර පරීක්ෂා කර බලා එම ආහාර නිය­මිත ප්‍රමි­ති­යෙන් තොරව අපි­රි­සුදු තත්ත්ව­යෙන් පව­තින බවට පව­ස­මින් නීති­මය ක්‍රියා­මාර්ග නොගැ­නී­මට අල්ලස් වශ­යෙන් මුදල් සහ ආහා­ර­පාන ලබා ගන්නා පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව රාගම පොලී­සිය පැව­සීය.

මෙසේ අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ, රාගම, බටු­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 26 හැවි­රිදි තරු­ණ­යෙකි. රාගම පොලී­සි­යට ලද තොර­තු­රක් මත පුළුල් විම­ර්ශ­න­යක් සිදු කර මෙම පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ. අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා කාල­යක සිට රාගම නග­රයේ රාත්‍රී ආපණ ශාලා රැස­කට පැමිණ එම ආපණ ශාලා හිමි­ක­රු­වන් මුළා කර බිය­වද්දා මෙලෙස එම ආපණ ශාලා­ව­ලින් අල්ලස් වශ­යෙන් මුදල් සහ ආහාර පාන ලබා ගත් පුද්ග­ලයා බවට ප්‍රදේ­ශයේ රාත්‍රී ආපණ ශාලා­වල හිමි­ක­රු­වන් පිරි­සක් හඳු­නා­ගෙන තිබිණ.

සැක­කරු රැකි­යාව ලෙස ආපණ ශාලා­වක සූප­වේ­දි­යකු ලෙස කට­යුතු කරන අයකු බව පොලී­සිය සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලදී හෙළිවී තිබේ. සැක­කරු වැලි­සර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT