Saturday, May 10, 2025
Home » තුන්දෙ­නෙක් ආ යතු­රු­පැ­දිය බෝක්කුවේ හැපී ප්‍රපා­තයේ

තුන්දෙ­නෙක් ආ යතු­රු­පැ­දිය බෝක්කුවේ හැපී ප්‍රපා­තයේ

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

යටි­ය­න්තොට විශේෂ - සමන් එස්. රත්නා­යක

කිතු­ල්ගල, ගෝන­ග­මුව කොට්ටුන්න පාරේ බෑවු­ම­කදී පෙරේදා (28) වේගය පාල­නය කර ගත නොහැ­කිවූ යතු­රු­පැ­දි­යක් බෝක්කු­වක හැපී­මෙන් එහි ගමන් ගත් තරු­ණ­යන් තිදෙ­නකු අසල තිබූ ප්‍රපා­ත­ය­කට වැටී බර­ප­තළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කිතු­ල්ගල පොලී­සිය පැව­සීය.

මෙම අන­තු­රින් තුවාල ලබා ඇත්තේ ගෝන­ග­මුව ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 16,19 හා 23 යන වය­ස්වල පසු­වන තරු­ණ­යන් තිදෙ­නෙකි. පොලී­සිය සඳ­හන් කළේ, අන­තුර සිදු වන අව­ස්ථාවේ යතු­රු­පැ­දියේ ගමන් කළ තිදෙ­නා­ගෙන් දෙදෙ­නකු හිස්වැ­සුම් පැලඳ නොසිටි බව අනා­ව­ර­ණය වූ බවයි. කිතු­ල්ගල දිසා රෝහ­ලට ඇතු­ළත් කළ තුවා­ල­ක­රු­වන් වැඩි­දුර ප්‍රති­කාර සඳහා කර­ව­නැල්ල රෝහ­ලට මාරු­කර යවා ඇත. අන­තු­රට පත් තරු­ණ­යන් දෙදෙ­න­කුගේ තත්ත්වය බර­ප­තළ බැවින් දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කර ඇති අතර, එක් අය­කුගේ පාද­යට දැඩි ලෙස හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කළේය.

අන­තු­රට හේතුව යතු­රු­පැ­දියේ තිරිංග ක්‍රියා විර­හිත වීමක් ද යන්න පිළි­බ­ඳව සොයා පොලී­සිය විම­ර්ශන සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT