Home » යාචක බිරියගේ කට කපා අනියම් සැමියාට බෝතල් කට්ටකින් අැන මරලා

යාචක බිරියගේ කට කපා අනියම් සැමියාට බෝතල් කට්ටකින් අැන මරලා

යාචකයෙක් අත්අඩංගුවට

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

පුත්ත­ලම දිසා සමූහ - ප්රසාද් පූර්ණ­මාල් පුත්ත­ලම සමූහ - ක්රිස්පිල් බෙන­ඩික් ප්රනාන්දු

සිය බිරිය සමඟ අනි­යම් හාද­ක­මක් පව­ත්වා­ගෙන ගිය පුද්ග­ල­ය­කුව බෝතල් කට්ට­කින් කපා ඝාත­නය කිරීමේ සිදු­වී­මක් හලා­වත, මාදම්පේ පැරණි නග­රයේ පට්ට­ය­ග­මදී සිදු­කර ඇත. පෙරේදා (28) රාත්‍රී 9.00ට පමුණ මේ සිදු­වීම වී තිබෙන බව හලා­වත මාදම්පේ පොලිසිය පව­සයි. මෙහිදී බිරි­යගේ කට ද බෝතල් කට්ට­කින් කපා දැමීම හේතු­වෙන් හලා­වත මහා රෝහ­ලට ඇතු­ළත් කර ඇත. මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ මාදම්පේ ප්‍රදේ­ශයේ තැනින් තැනට යමින් ජීවත් වූ 45 හැවි­රිදි එදි­රි­සිං­හගේ තුෂාර දිල්රුක්ෂ නමැ­ත්තෙකි. මේ ඝාත­නය සිදු කළ පුද්ග­ල­යාගේ එක කකු­ලක් නොමැති අතර, ඔහු මාදම්පේ, තනි­වැල්ල දේවා­ලය අසල යාච­ක­යකු ලෙස සිටින අයකු වශ­යෙන් හඳු­නා­ගෙන ඇත. සැක­කරු මේ වන­විට පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව ඇත.

ප්‍රහා­ර­යෙන් බර­ප­තළ තුවාල සිදුවී ඇත්තේ අනුෂා වසන්ති කුමාරි නම්වූ යාචක තැනැ­ත්ති­යකි.

මේ පිළි­බඳ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තව තිබිණි . මෘත­ශ­රී­රය හලා­වත මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මහේ­ස්ත්‍රාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් පසු පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තය.

මේ පිළි­බ­ඳව මාදම්පේ පොලී­සියේ නිල­ධා­රීහු පිරි­සක් වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT