Home » තරු­ණ­යෙක් කපා කොටා මරා­දාලා
අවි­ස්සා­වේල්ල විද්‍යාල මාවතේ නවා­තැ­න්පො­ළක සිටි

තරු­ණ­යෙක් කපා කොටා මරා­දාලා

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්රි­ආ­රච්චි

අවි­ස්සා­වේල්ල විද්‍යාල මාවතේ තාව­කා­ලික නවා­තැ­න්පො­ළක ලැගු­ම්ගෙන සිටි තරු­ණ­ය­කුට තියුණු ආයු­ධ­ව­ලින් පහ­රදී ඝාත­නය කර ඇතැයි අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලී­සිය පව­සයි.

අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලිස් ස්ථානයේ උසස් නිල­ධා­රි­යකු සඳ­හන් කළේ පෙරේදා රාත්‍රී කාල­යේදී හෝ ඊයේ අලු­යම් කාල­යේදී මිය­ගිය තරු­ණයා සහ එම නවා­තැ­න්පො­ළෙහි ලැගු­ම්ගෙන සිටින තවත් තරු­ණ­යන් පිරි­සක් අතර ඇති වූ ආර­වු­ලක් දුර­දි­ග­යා­මෙන් මෙම ඝාත­නය සිදු වන්නට ඇති බවට සැක කරන බවයි.

මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ සාමි­මලේ, සූරි­ය­කන්ද වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 24 හැවි­රිදි තරු­ණ­යෙකි.

අවි­ස්සා­වේල්ල ප්‍රදේ­ශයේ වෙළෙ­ඳ­ස­ලක රැකි­යා­වක් ලැබීම හේතු­වෙන් මිය­ගිය පුද්ග­ලයා මෙම නවා­තැන් පොළට මීට මාස දෙක­කට පමණ පෙර පැමිණ ඇති බවට අනා­ව­ර­ණය වූ බව ද පොලී­සිය පව­සයි. ඝාත­නය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් සිවු දෙනෙකු මේ වන­විට සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලී­සිය මඟින් වැඩි­දුර විම­ර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT