උඩුබද්දාව, කරවුල්ල ප්රදේශයේ පොල් ඉඩමක ළිඳක් තුළ තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ (29) පෙරවරුවේ හමු වී ඇත.
එම ඉඩමේ පොල් කැඩීමට ගිය පුද්ගලයකු මළ සිරුර දැක ප්රදේශවාසීන්ට දැනුම් දීමෙන් අනතුරුව මෙම මළ සිරුර හමු වී ඇතැයි මහඅගාර ග්‍රාම නිලධාරි රුවන් කුමාර රණතුංග මහතා පවසයි. මෙලෙස මියගොස් සිටින කාන්තාව වැලිපැන්නගහමුල්ල දකුණු පන්නරේ පදිංචි ඩී.පී. කරුණාවතී නමැති 51 හැවිරිදි අයකු බවට ඥාතීන් හඳුනාගෙන ඇත. මෙම කාන්තාව පසුගිය සඳුදා දින සිට ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව පොලීසියට දැනුම් දුන් බවත්, ඇය මානසික රෝගයකින් පෙළෙමින් සිටි අයකු බවත් මියගිය කාන්තාවගේ ඥාතියකු වන ආර්.ඒ. සමන් කුමාර මහතා කීවේය. මේ පිළිබඳව දුම්මලසූරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.