Home » අන්තර් බන්ධ­නා­ගාර බැඩ්මි­න්ටන් විවෘත කණ්ඩා­යම් ශූර­තාව මූල­ස්ථාන පිලට

අන්තර් බන්ධ­නා­ගාර බැඩ්මි­න්ටන් විවෘත කණ්ඩා­යම් ශූර­තාව මූල­ස්ථාන පිලට

by Gayan Abeykoon
January 30, 2025 1:16 am 0 comment

පල්ලෙ­කැලේ එළි­ම­හන් සිර­ක­ඳ­වුර මඟින් සංවි­ධාන කළ අන්තර් බන්ධ­නා­ගාර බැඩ්මි­න්ටන් තර­ගා­ව­ලියේ විවෘත කණ්ඩා­යම් ශූර­තාව දිනා ගැනී­මට බන්ධ­නා­ගාර මූල­ස්ථාන කණ්ඩා­යම සමත් විය. දිගන මහ­වැලි ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති තර­ගා­ව­ලියේ තියුණු මුහු­ණු­ව­රක් ගත් විවෘත කණ්ඩා­යම් ඉසව්වේ අව­සන් තර­ග­යේදී මූල­ස්ථාන පිල හමුවේ කුරු­විට බන්ධ­නා­ගාර කණ්ඩා­යම පරා­ජ­යට පත් විය.

ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 300කට ආසන්න පිරි­සක් එක්වූ තර­ගා­ව­ලියේ විවෘත කාන්තා ශූර­තාව දිනා ගැනී­මට කෑගල්ල බන්ධ­නා­ගා­රයේ ටී.ජී.සි. ජය­ව­ර්ධන සමත් වූ අතර, අවු­රුදු 40න් ඉහළ කේවල පිරිමි ශූර­තාව කුරු­විට බන්ධ­නා­ගා­රයේ මොහාන් ධන­සේ­කර සහ අවු­රුදු 50ට වැඩි පිරිමි ශූර­තාව බන්ධ­නා­ගාර මූල­ස්ථා­නයේ එල්.ඩබ්.පී. කලන චමින්ද දයා­නන්ද හිමි කර ගත්හ.

තර­ගා­ව­ලියේ සමා­ර­ම්භක උත්ස­වය බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති අතර, ත්‍යාග ප්‍රධා­නෝ­ත්ස­වය බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ ක්‍රීඩා සංග­මයේ ලේකම්, බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මෙහෙ­යුම් හා බුද්ධි) ගාමිණී බී. දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු විය.

මේ අව­ස්ථා­වට 11 වැනි පාබළ සේනාං­කයේ සේනා­ධි­පති මේජර් ‍ෙජන­රාල් උපුල් කොඩි­තු­වක්කු, බන්ධ­නා­ගාර කොම­සා­රිස් (කර්මාන්ත) එස්.කේ. පල්ලේ­තැන්න, බෝග­ම්බර (දුම්බර) බන්ධ­නා­ගාර අධි­කාරී ඒ.සී. ගජ­නා­යක, බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ ක්‍රීඩා සංග­මයේ බැඩ්මි­න්ටන් සභා­පති, බන්ධ­නා­ගාර අධි­කාරී මොහාන් කරු­ණා­රත්න සහ පල්ලේ­කැලේ එළි­ම­හන් සිර­ක­ඳ­වුර බන්ධ­නා­ගාර අධි­කාරී සුමුදු පෙරේරා මහ­ත්වරු ඇතුළු ආරා­ධි­ත­යන් රැසක් සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT