Home » පන්දු යව­න්නන් අතර මොර­ටුව සා. සෙබ­ස්ති­යන් පිලේ මලින්ත පෙර­මුණේ
19න් පහළ පාසල් ක්‍රිකට්

පන්දු යව­න්නන් අතර මොර­ටුව සා. සෙබ­ස්ති­යන් පිලේ මලින්ත පෙර­මුණේ

by Gayan Abeykoon
January 30, 2025 1:11 am 0 comment

ඉෂාණි යද්දෙහි
මලින්ත,හසිඳු සහ විහස්

අවු­රුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තර­ගා­ව­ලියේ මෙවර තර­ග­වා­රයේ කඩු­ලු­ලා­භීන් අතර පෙර­මුණ ගැනී­මට මොර­ටුව සාන්ත සෙබ­ස්ති­යන් විදු­හලේ මලින්ත සිල්වා සමත්ව සිටියි.

කොළඹ ඩී.එස්.සේනා­නා­යක විදු­හ­ලට එරෙ­හිව ලකුණු 74කට කඩුලු 8ක් දවා­ල­මින් දස්කම් දක්ව­මින් මලින්ත මෙම ස්ථාන­යට පත් විය.

තවත් තර­ග­ය­කදී මීග­මුව මාරි­ස්ටෙලා විදු­හලේ හසිඳු පෙරේරා මෙවර තර­ග­වා­රයේ තම දෙවැනි ශත­කය වාර්තා කිරී­මට සමත් වූයේ කුරු­ණෑ­ගල මලි­ය­දේව විදු­හ­ලට එරෙ­හිව ලකුණු 109ක් රැස් කර­මිනි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ නායක කොළඹ තර්ස්ටන් විදු­හලේ විහස් තෙව්මික ද ශත­ක­යක් රැස් කළේය. මේ තරග සියල්ල ජය පැර­දු­මෙන් තොරව අව­සන් විය.

කොළඹ ඩී.එස්. මොර­ටුව සා. සෙබ­ස්ති­යන්

ඩී.එස්. පළමු ඉනිම – 162 (ඕවර 59.2) ඩිලාෂ් කුමා­ර­නා­යක 32, ජනිඳු රණ­සිංහ 31, බිහාන් ගමගේ 29, යෝජිත් හෙට්ටි­ආ­රච්චි 23, මලිත පෙරේරා 22 (මලින්ත සිල්වා 74/8)

සා. සෙබ­ස්ති­යන් පළමු ඉනිම – 198/8 (ඕවර 54) කවීෂ පෙරේරා 60, අදේෂ් අල්මේදා 33, නවෝද් ප්‍රනාන්දු නොදැවී 27, රයන් දිසා­නා­යක 25 (යෝජිත් හෙට්ටි­ආ­රච්චි 40/4, බිහාන් ගමගේ 14/2)

මාරි­ස්ටෙලා මලි­ය­දේව

මීග­මුව මාරි­ස්ටෙලා පළමු ඉනිම – 353/6 (ඕවර 91) හසිඳු පෙරේරා 109, රමිත් බණ්ඩාර 64, ලෙවින් ප්‍රනාන්දු 59, මිනෙත් ප්‍රනාන්දු නොදැවී 38, ෂෆ්නි ඩීන් 34 (ඩිමාත් අබේ­සිංහ 128/4)

මලි­ය­දේව පළමු ඉනිම – 182/5 (ඕවර 49.4) දිමන්ත අරූෂ නොදැවී 53, චන්දුප අබේ­සිංහ 39, තිවංක පබ­සර 26 (හසිඳු පෙරේරා 61/3)

තර්ස්ටන් මොරටු විදු­හල

තර්ස්ටන් පළමු ඉනිම – 351/6 (ඕවර 92.5) විහස් තෙව්මික නොදැවී 114, රචින්ත ද සිල්වා 50, ඩිනාල් ඉඳු­වර 44, සෙත්රු ප්‍රනාන්දු 38, පැතුම් ධනං­ජය 34, තනුජ රාජ­පක්ෂ 33 (මලිත් ෂෙහාන් 67/2, නිශිත ප්‍රනාන්දු 69/2)

මොරටු ම.වි. පළමු ඉනිම – 96 (ඕවර 35.1) ඉසුරු ප්‍රනාන්දු 28 (යොවුන් ශිල්ප 37/3, විහස් තෙව්මික 3/2, රචින්ත ද සිල්වා 17/2) සහ දෙවැනි ඉනිම – 8/0 (ඕවර 3.2)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT