අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ මලින්ත සිල්වා සමත්ව සිටියි.
කොළඹ ඩී.එස්.සේනානායක විදුහලට එරෙහිව ලකුණු 74කට කඩුලු 8ක් දවාලමින් දස්කම් දක්වමින් මලින්ත මෙම ස්ථානයට පත් විය.
තවත් තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහලේ හසිඳු පෙරේරා මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව ලකුණු 109ක් රැස් කරමිනි. ශ්රී ලංකා යොවුන් ක්රිකට් පිලේ නායක කොළඹ තර්ස්ටන් විදුහලේ විහස් තෙව්මික ද ශතකයක් රැස් කළේය. මේ තරග සියල්ල ජය පැරදුමෙන් තොරව අවසන් විය.
කොළඹ ඩී.එස්. මොරටුව සා. සෙබස්තියන්
ඩී.එස්. පළමු ඉනිම – 162 (ඕවර 59.2) ඩිලාෂ් කුමාරනායක 32, ජනිඳු රණසිංහ 31, බිහාන් ගමගේ 29, යෝජිත් හෙට්ටිආරච්චි 23, මලිත පෙරේරා 22 (මලින්ත සිල්වා 74/8)
සා. සෙබස්තියන් පළමු ඉනිම – 198/8 (ඕවර 54) කවීෂ පෙරේරා 60, අදේෂ් අල්මේදා 33, නවෝද් ප්රනාන්දු නොදැවී 27, රයන් දිසානායක 25 (යෝජිත් හෙට්ටිආරච්චි 40/4, බිහාන් ගමගේ 14/2)
මාරිස්ටෙලා මලියදේව
මීගමුව මාරිස්ටෙලා පළමු ඉනිම – 353/6 (ඕවර 91) හසිඳු පෙරේරා 109, රමිත් බණ්ඩාර 64, ලෙවින් ප්රනාන්දු 59, මිනෙත් ප්රනාන්දු නොදැවී 38, ෂෆ්නි ඩීන් 34 (ඩිමාත් අබේසිංහ 128/4)
මලියදේව පළමු ඉනිම – 182/5 (ඕවර 49.4) දිමන්ත අරූෂ නොදැවී 53, චන්දුප අබේසිංහ 39, තිවංක පබසර 26 (හසිඳු පෙරේරා 61/3)
තර්ස්ටන් මොරටු විදුහල
තර්ස්ටන් පළමු ඉනිම – 351/6 (ඕවර 92.5) විහස් තෙව්මික නොදැවී 114, රචින්ත ද සිල්වා 50, ඩිනාල් ඉඳුවර 44, සෙත්රු ප්රනාන්දු 38, පැතුම් ධනංජය 34, තනුජ රාජපක්ෂ 33 (මලිත් ෂෙහාන් 67/2, නිශිත ප්රනාන්දු 69/2)
මොරටු ම.වි. පළමු ඉනිම – 96 (ඕවර 35.1) ඉසුරු ප්රනාන්දු 28 (යොවුන් ශිල්ප 37/3, විහස් තෙව්මික 3/2, රචින්ත ද සිල්වා 17/2) සහ දෙවැනි ඉනිම – 8/0 (ඕවර 3.2)