Home » පුංචි ඡන්ද­යට එජා­පය-සජබ පොදු ලකුණකින්

පුංචි ඡන්ද­යට එජා­පය-සජබ පොදු ලකුණකින්

එජාප මහලේකම් තලතා අතු­කෝ­රළ

by Gayan Abeykoon
January 31, 2025 1:14 am 0 comment

පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා එජා­පය හා සජබ එක්ව නාම යෝජනා ලැයිස්තු පිළි­යෙල කිරී­මට හැකි මට්ට­මක් දක්වා පක්ෂ දෙක අතර පව­තින සාකච්ඡා ඉදි­රි­යට ගෙන­යෑම මූලික අර­මුණ බව එජාප මහ ලේකම් තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැව­සු­වාය.

දෙපා­ර්ශ්වය එකතු වීම සම්බ­න්ධ­යෙන් පව­ත්වන සාකච්ඡා සාර්ථක මට්ට­ම­කට පැමිණ තිබෙන බවත් නාය­ක­ත්වය හා ලාංඡ­නය පිළි­බ­ඳව මෙතෙක් සාක­ච්ඡා­වට බඳුන් වී නොමැති බවත් ඇය කීවාය.

ඊයේ (30) මහ­නු­වර දී පැවති මාධ්‍ය හමුවේ දී අද­හස් දක්ව­මින් තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැව­සුවේ ඇතැ­ම්විට පළාත් පාලන මැති­ව­ර­ණ­යට පොදු ලාංඡ­න­ය­කින් ඉදි­රි­පත් විය හැකි බවයි.

“ නාය­ක­ත්වය හා ලාංඡ­නය සම්බන්ධ ප්‍රශ්න පස්සේ බේරා­ගන්න පුළු­වන්. අපි මේ සාකච්ඡා කරන්නේ එජා­ප­යේම තව කොට­සක් සම­ඟයි. එජා­ප­යෙන් කැඩිලා ගිය එජාප පාක්ෂි­ක­යන් තමයි සජ­බෙත් ඉන්නේ. මේ කණ්ඩා­යම් දෙකට දැන් නාය­කයෝ දෙන්නෙක් ඉන්නවා.

පක්ෂ දෙක එකතු විය යුතුයි කියන ස්ථාව­රයේ පාක්ෂි­කයෝ ඉන්නවා. ඒ සඳහා අපි ආර­ම්භ­යක් ගෙන තිබෙ­නවා. ඉදි­රියේ දී ගැටලු මතු­වන ආකා­රය අනුව ඒ ගැන කතා කර­නවා. නාය­ක­ත්වය ගැන කතා කරන්න තරම් අපි දුරක් ඇවිත් නැහැ.

සාකච්ඡා සඳහා පක්ෂ දෙකේ නාය­ක­යන්ගේ පූර්ණ ආශී­ර්වා­දය ලබා දී තිබෙ­නවා. ඇතැ­ම්විට අපි පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ පොදු ලාංඡ­න­ය­කින් වෙන්නත් පුළු­වන්” යැයි ද ඇය වැඩි­දු­ර­ටත් කීවාය.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT