Home » ඔක්තෝබරයේ ලාංකිකයන්ට සුවිශේෂි දිනයක්

ඔක්තෝබරයේ ලාංකිකයන්ට සුවිශේෂි දිනයක්

by yasara
January 31, 2025 4:25 pm 0 comment

ශ්‍රී ලංකාවේ සියලුම ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

යාපනයේ සංචාරයක නිරතව සිටින ජනධිපතිවරයා වැල්වෙටිතුරෙයි හි අද (31) පැවති රැස්වීමක් අමතමින් මේ බව පවසා ඇත.

ඒ අනුව එම විශේෂ දිනය ඔක්තෝබර් මාසයට අදාළව නම් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?.
අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා…ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.

අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ.  

උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා”.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT