Home » C’est La Vie – That’s Life by Prime Group – ප්‍රංශ කලාත්මක බව කැටිවුනු නවීන villa ව්‍යාපෘතිය

C’est La Vie – That’s Life by Prime Group – ප්‍රංශ කලාත්මක බව කැටිවුනු නවීන villa ව්‍යාපෘතිය

by yasara
January 31, 2025 3:53 pm 0 comment

ප්‍රයිම් සමූහය හඳුන්වා දෙන, C’est La Vie – That’s Life, නවතම villa ව්‍යාපෘතිය මැකී නොයන සුන්දරත්වයක් සහ නවීන සුඛෝපභෝගීත්වයත් මුසුවුණු අපූර්වත්වයක් ඔස්සේ, ඔබ අපේක්ෂා කරන ජීවිතයට වෙනස්ම වූ අරුතක් ලබා දෙන අද්විතීය සුවිශිෂ්ටත්වයක් සහ ඔබ වෙනුවෙන්ම නිමවුණු සේවා සමගින්, ඔබ සිහින දකින ප්‍රංශ ජීවන රටාව සැබෑවක් බවට පත් කොට දෙන්නට නියමිතයි.

මෙම වානගුරු මාවතේ සරුසාර හරිත පාරාදීසයක පිහිටා ඇති නිවාසව්‍යාපෘතිය , නූතන ජීවන රටාවට ඔබින ලෙසින් නිමැවුණු villa නිවාස 90 කින් සමන්විත වන අතර ඒ එක් එක් නිවාසයන්, විශිෂ්ට ඉංග්‍රීසි- රෝම ගෘහ නිර්මාණ ශිල්පය ආශ්‍රයෙන් නිමවී තිබේ. ඔබගේ ආරක්ෂාව සහතික කරමින් අඩි 17 ක් උසටnනැගි සිවිලිම්, ඉඩ කඩ ඇති විසිත්ත කාමර, සහ වර්ග අඩි 1,159 සිට වර්ග අඩි 2,164 දක්වා පරාසයක විහිදුනු villa නිර්මාණ සැලසුම් හතක් ඔස්සේ නිම වන මෙම ව්‍යාපෘතිය ඔබගේ වෙනස් වූ රුචි අරුචිකම් හා ගැලපෙමින්, මනා සුවපහසුවක් ලබා දෙනු ඇත. අක්කර 6.5 ක නිස්කලංක භූමි භාගයක විහිදුණු C’est La Vie, සුඛෝපභෝගීත්වය හා මුසු වූ සාමකාමී පරිසරයක්සහතික කරයි.

හරිත වර්ණයෙන් අනූන වූ, අග්‍රගන්‍ය හා සුඛෝපභෝගී අංගෝපාංගයන්ගෙන් සමන්විත C’est La Vie, නිසැකවම ඔබගේ කාර්යබහුලත්වයේ දිවිය වෙනතකට ගෙන යයි.

අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී මාර්ග වෙත මිනිත්තු කිහිපයක දුරින්, අතුරුගිරිය, බත්තරමුල්ල, කොට්ටාව, තලවතුගොඩ සහ මාලඹේ නගර වෙත සැනින් ලඟා වීමට පහසුව ලබා දෙන ලෙසින් පිහිටා ඇති මෙය, ප්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ සහ අත්‍යවශ්‍ය සේවා වෙත ඔබට කිසිදු බාධාවකින් තොරව ලඟා විය හැකි බව සහතික කරයි.

C’est La Vie හි සෑම අංගයක්ම ඔබගේ සිතැඟි පරිදි සියුම් අධීක්ෂණයෙන් මෙන්ම සුඛෝපභෝගී ලෙසන්නිමවා ඇති ප්‍රධාන පිවිසුමේ සිටම C’est La Vie සාමාජිකයින්ව පිළිගැනීමට, යුරෝපීය නවීනත්වයත්, අද කාලයේ සුන්දරත්වයත් එක් තැන් වූ සුඛෝපභෝගී Club Lounge එකඔබගේ ජීවන රටාවට තීව්‍රතාවයක් එක් කරයි. ඔබට නැවුම් කෝපි කෝප්පයක් රස විඳීමටත්, ඉහළ rooftop එකේ ඇති BBQ terrace එක තුළ මිතුරන් හා විනෝද වීමටත්, එසේත් නැතිනම් නවීන පන්නයේ පසුබිමක සිට ඔබේ ව්‍යාපාරික සගයන් හා රැස්වීම් පැවැත්වීමටත් Club Lounge එක ඉඩ කඩ සපයයි.

නිරතුරුව ප්‍රයිම් සමූහය ඔබ වෙත සමීප කරන අසීමාන්තික සුඛෝපභෝගීත්වය තුල දිය ඇලි කඩා හැලෙන පිහිනුම් තටාකයේ කිමිදෙන්න, ටෙනිස් පිටියේ ක්‍රීඩා කරන්න, නැතිනම් නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත gym හි කාලය ගත කිරීමටත්, ඔබේ දරුවන්ට විනෝදය සපයන අතරම, ඔවුන්ගේ පරිකල්පනය දියුණු කිරීමට නිර්මාණය කර ඇති Twilight Play Zone එකේ අමතක නොවනඅත්දැකීමක් ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ඇත. මේ සියල්ල සමගින් C’est La Vie හි ජීවිතය හුදු සුඛෝපභෝගීත්වය පමණක් නොවනු ඇත. එය ඔබට සෑම දිනක්ම විවේකී සති අන්තයක් ලෙසින් හැඟෙනු ඇත.

C’est La Vie යනු ඔබට එක් නිවස්නයක් පමණක් නොව, පරම්පරා ගණනාවක් පවතින ඔබේම නිවහන වනු ඇත. ඔබගේ ආයෝජනයට 100%* ඉක්මවා යන ප්‍රතිලාභ පිරිනමන මෙම ආයෝජනය සඳහා ඔබට මාසයකට 1% පමණක් වැය කොට, පොලී රහිතව, අද්විතීය ජීවන රටාවක් අත්විඳීමට හැකියාව ලබා දෙන නම්‍යශීලී පහසු ගෙවීම් ක්‍රම ද ප්‍රයිම් සමූහය ඔබට හඳුන්වා දී තිබේ. (*කොන්දේසි සහිතයි)

ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි, “නූතන නිවාස ගැනුම්කරුවන් සාම්ප්‍රදායික දේපළවලට වඩා එහා ගිය යමක් අපේක්ෂා කරන බව අපි දනිමු.

ඔවුන් සොයන්නේ සුවිශේෂී ජීවන අත්දැකීම්, සහනදායී පහසු ගෙවීමේ ක්‍රම, සහ සුවිශේෂී අසල්වැසි ප්‍රජාවන් යනාදියයි. C’est La Vie සමගින් Prime සමූහයේ අපි, නවීන ජීවන රටාවන්ට නව අරුතක් දෙමින් ක්ෂේත්‍රයට නව ආදර්ශයන් සපයන පුරෝගාමී සංකල්පයන් හඳුන්වා දීම සම්බන්ධයෙන් අප දක්වන උනන්දුවේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කරන්නෙමු. එමෙන්ම මෙම ව්‍යාපෘතිය, එදිනෙදා ජීවිතය පරිවර්තනයකට ලක් කරන සහ ඉහළම වටිනාකම් තිළිණ කරන, ඉතාමත් සැලකිල්ලෙන් යුතුව සැලසුම් කරන ලද නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් අප සතු දර්ශනය මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන්ට සැබැවින්ම වැදගත් වන දේවල් පිරිනැමීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මැනවින් පිළිබිඹු කරයි.”

විශිෂ්ටත්වයට එහා ගිය ජීවිතයක් අත්විඳින්නට අවස්ථාව මෙන්ම පරිපූර්ණත්වයට ලඟා වීමේ අපේක්ෂාවෙන් නිමවූ මෙම සුඛෝපභෝගී නිවෙස් සංකීර්ණය ඔස්සේ ඔබට ලැබෙනු ඇත. මෙහි ගත කරන සෑම මොහොතක්ම ඔබට කිසිදා අමතක නොවනු ඇත. ප්‍රයිම් සමූහය හඳුන්වා දෙන C’est La Vie සුඛෝපභෝගී නිවෙස් සංකීර්ණය, විශිෂ්ටත්වය සොයන ඔබටයි.

මෙම සුඛෝපභෝගෝ ප්‍රජාව තුළ ඔබේ ඉඩ වෙන් කර ගැනීම සඳහා, 0701 088 088 අංකය අමතන්න. නැතහොත් https://www.primelands.lk/ වෙත පිවිසෙන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT