Sunday, May 11, 2025
Home » දකුණු සුඩා­න­යෙත් ගුවන් අන­තු­රක්

දකුණු සුඩා­න­යෙත් ගුවන් අන­තු­රක්

20ක් මරුට

by Gayan Abeykoon
January 31, 2025 1:22 am 0 comment

දකුණු සුඩා­නයේ ගුවන් අන­තු­ර­කින් පුද්ග­ල­යන් 20 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට යුනිටි ප්‍රාන්තයේ ඉන්ධන වැඩ­බි­මක සිට එහි සේව­ක­යන් 19 දෙනකු රැගෙන ජුබා අග­නු­වර බලා පියා­සර කළ එම කුඩා ගුවන් යානය අන­තු­රට ලක්වී ඇත්තේ අග­නු­වර ගුව­න්තො­ටු­පො­ළට මීටර් 500ක් දුරින් බවද වාර්තා වේ. අන­තු­රින් ගුවන් නිය­මුවා සහ සහා­ය­කයා ද ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, එක් සේව­ක­යකු පම­ණක් බේරා ගැනී­මට ගිනි නිවන ඒක­කය සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. දිවි බේරා­ගෙන ඇත්තේ දකුණු සුඩා­නයේ ඉංජි­නේ­රු­ව­ර­යකු වන අතර, බර­ප­තළ තුවාල ලැබූ ඔහු රෝහ­ල්ගත කර තිබේ. මියගිය අය අතර චීන ජාති­ක­යන් දෙදෙ­නකු සහ ඉන්දීය ජාති­ක­යකු සිටි බව ද වාර්තා වේ.

ගුවන් යානයේ තාක්ෂ­ණික දෝෂ­යක් අන­තු­රට හේතු වන්නට ඇතැයි බල­ධා­රීන් අනු­මාන කර ඇති බවත්, වැඩි­දුර පරී­ක්ෂණ ක්‍රියා­ත්මක කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT