දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට යුනිටි ප්‍රාන්තයේ ඉන්ධන වැඩබිමක සිට එහි සේවකයන් 19 දෙනකු රැගෙන ජුබා අගනුවර බලා පියාසර කළ එම කුඩා ගුවන් යානය අනතුරට ලක්වී ඇත්තේ අගනුවර ගුවන්තොටුපොළට මීටර් 500ක් දුරින් බවද වාර්තා වේ. අනතුරින් ගුවන් නියමුවා සහ සහායකයා ද ජීවිතක්ෂයට පත්වී ඇති අතර, එක් සේවකයකු පමණක් බේරා ගැනීමට ගිනි නිවන ඒකකය සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දිවි බේරාගෙන ඇත්තේ දකුණු සුඩානයේ ඉංජිනේරුවරයකු වන අතර, බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර තිබේ. මියගිය අය අතර චීන ජාතිකයන් දෙදෙනකු සහ ඉන්දීය ජාතිකයකු සිටි බව ද වාර්තා වේ.
ගුවන් යානයේ තාක්ෂණික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇතැයි බලධාරීන් අනුමාන කර ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.