Home » ඉන්දි­යාවේ පළමු හයි­ඩ්‍ර­ජන් දුම්රිය මාර්තු­වේදී ධාව­න­යට

ඉන්දි­යාවේ පළමු හයි­ඩ්‍ර­ජන් දුම්රිය මාර්තු­වේදී ධාව­න­යට

by Gayan Abeykoon
January 31, 2025 1:15 am 0 comment

ගෝලීය දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට හේතුවී ඇති කාබන් විමෝ­ච­න­යට විස­ඳුම් සෙවීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඉන්දි­යාව පළ­මු­ව­රට නිෂ්පා­ද­නය කළ පරි­සර හිත­කාමී ජල වාෂ්ප­ව­ලින් ක්‍රියා කරන හයි­ඩ්‍ර­ජන් දුම්රිය ලබන මාර්තු මස ක්‍රියා­ත්මක කිරී­මට ඉන්දීය දුම්රිය අමා­ත්‍යාං­ශය සැල­සුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඩීසල් දුම්රියේ සිට විදුලි දුම්රිය හරහා ජල වාෂ්ප දුම්රිය දක්වා හුව­මාරු වීම ඉන්දීය දුම්රිය ප්‍රවා­හන ක්ෂේත්‍රයේ නව විප්ල­ව­යක් බව එරට දුම්රිය නිෂ්පා­දන සමා­ගමේ සාමා­න්‍ය­ාධි­කාරි යූ.සුබා රාඕ ප්‍රකාශ කළ බවද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

චෙන්නායි නුවර පිහිටි ඒකා­බද්ධ දුම්රිය නිෂ්පා­දන සමා­ගම විසින් නිප­ද­වනු ලැබූ එම දුම්රිය හරිත ප්‍රවා­හන තාක්ෂ­ණයේ ප්‍රග­ති­යක් අත්කර ගනු ඇතැයි ද, ඉන් දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට විශාල දාය­ක­ත්ව­යක් සප­යනු ඇතැයි ද වාර්තා වේ. වසර 2023-24 මූල්‍ය වර්ෂ­යේදී හයි­ඩ්‍ර­ජන් දුම්රිය 35ක් නිෂ්පා­ද­නය කිරීම සඳහා එරට දුම්රිය අමා­ත්‍යාං­ශය විසින් රුපි­යල් කෝටි 2,800ක් වෙන් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT