Home » සමාජ මාධ්‍ය පාල­න­යට පාකි­ස්තා­න­යෙන් නව පන­තක්

සමාජ මාධ්‍ය පාල­න­යට පාකි­ස්තා­න­යෙන් නව පන­තක්

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

සමාජ මාධ්‍ය­ජාලා පාල­නය කිරීම සඳහා පාකි­ස්තාන පාර්ලි­මේ­න්තුවේ නව පන­තක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස මුල් භාග­යේදී එරට පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇති එම පනත පාකි­ස්තාන මාධ්‍ය සංව­ර්ධන පනත ලෙස හඳු­න්වනු ලබන බවත්, එමඟින් පාකි­ස්තා­නය තුළ සමාජ මාධ්‍ය පාල­නය කිරී­මට සහ ඩිජි­ටල් පුවත් හා අන්ත­ර්ජාල පුවත් පාල­නය කිරී­මට රජ­යට බලය  පැවරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මීට අම­ත­රව සමාජ මාධ්‍ය­ජාලා අධී­ක්ෂ­ණය කිරී­මට, මඟ ඇහි­රී­මට සහ ජාතික අව­ශ්‍ය­තාව මත ඉවත් කිරීමට බල­ධා­රීන්ට බලය ලැබී ඇතැයි ද වාර්තා වේ. එම පනත මඟින් පනවා ඇති සීමා­වන් උල්ලං­ඝ­නය කිරී­මෙන් දඩ මුද­ල­කට හෝ සිර දඬු­ව­ම­කට යටත් වීමට සිදු­වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

කෙසේ වුවද නව පනත මඟින් එරට මාධ්‍ය නිද­හස සහ අන්ත­ර්ජාල ප්‍රකා­ශන අයි­තිය සීමා වනු ඇතැයි එරට මාධ්‍ය සංවි­ධාන, මානව හිමි­කම් සංවි­ධාන සහ මාධ්‍ය­වේ­දීන්ගේ විවේ­ච­න­යට මේ වන­විට ලක්වී ඇති බව වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT