Home » පාර්ලි­මේ­න්තුව අවට සම්බා­හන මධ්‍ය­ස්ථාන වටලා සැක­පිට 33ක් අත්අ­ඩං­ගු­වට

පාර්ලි­මේ­න්තුව අවට සම්බා­හන මධ්‍ය­ස්ථාන වටලා සැක­පිට 33ක් අත්අ­ඩං­ගු­වට

තරු­ණියෝ 20ක් ඒ අතර

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

පිළි­ගත් ආයු­ර්වේද සම්බා­හන ආය­තන මුවා­වෙන් පාර්ලි­මේ­න්තුව අවට ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙ­න­ගිය මුද­ලට කාන්තා­වන් සප­යන ස්ථාන හයක් වටලා කාන්තා­වන් 20ක් ඇතුළු පුද්ග­ල­යන් 33ක් අත්අ­ඩං­ගු­වට ගත් බව තලං­ගම පොලී­සිය කියයි.

එම සම්බාන මධ්‍ය­ස්ථා­න­වල රැඳී සිටි පිරිමි පුද්ග­ල­යන් තිදෙ­නකු ද ඒ අතර වන බව පොලී­සිය කියයි. සෙසු පුද්ග­ල­යන් අතර විවෘත වරෙන්තු ලද පුද්ග­ල­යන් තිදෙ­නෙක්, සැක­පිට පුද්ග­ල­යන් සිවු­දෙ­නෙක්, නීති විරෝධී මත්පැන් සමඟ පුද්ග­ල­යෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ග­ල­යෙක් මෙන්ම තීරු බදු රහි­තව ආන­ය­නය කරන ලද  දුම්වැටි 1425ක් සන්ත­කයේ තබා­ගෙන සිටි පුද්ග­ල­යෙක් ද ඒ අතර වන බව පොලී­සිය කියයි.

දක්ෂ පළ­පු­රුදු ආයු­ර්වේද වෛද්‍ය­ව­රුන් ඇතුළු කාර්ය මණ්ඩ­ල­ය­කින් සැදු­ම්ලත් රජයේ ලියා­ප­දිංචි සම්බා­හන ආය­තන බවට නීති විරෝධී ආකා­ර­යෙන් දැන්වීම් පුවරු ප්‍රද­ර්ශ­නය කර පාරි­භෝ­ගි­ක­යන් මුළා කර  පාර්ලි­මේන්තු සංකී­ර්ණය අවට ප්‍රදේ­ශ­වල දිනෙන් දින ආරම්භ කර තිබෙන සම්බා­හන ආය­තන හා සැක කට­යුතු ස්ථාන සම්බ­න්ධ­යෙන් පෙරේදා (29) තලං­ගම පොලී­සියේ වැඩ බලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේෂ් මල­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කළ වැට­ලී­මේදී  මේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. වැටලූ එම සම්බා­හන ආය­ත­න­වල කිසිම ආයුර්වේ දී ප්‍රති­ක­ර්ම­යක් සිදු නොක­රන අතර  කිසිම ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යකු හෝ පළ­පු­රුදු ආයු­ර්වේද සහා­ය­ක­යකු ද නොමැති බවට පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රි­යන් සහ සැක­ක­රු­වන් වයස අවු­රුදු 22ත් 45ත් අතර පසු­වන දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ය. සැක­ක­රු­වන් සහ සැක­කා­රි­යන් කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. නුගේ­ගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මංගල  දෙහි­දෙ­ණිය, සහ­කාර පොලිස් අධි­කාරි ප්‍රියන්ත ඒක­නා­යක යන මහ­ත්ව­රුන්ගේ අධී­ක්ෂ­ණය යටතේ  තලං­ගම පොලී­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේෂ් මල­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පොලිස් නිල­ධා­රීහු 20කගෙන් යුත් කණ්ඩා­ය­මක් වැට­ලී­මට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT