Home » 13 හැවි­රිදි දැරිය අප­යෝ­ජන සිද්ධි­ය­කට පාසලේ මුර­කරු අත්අ­ඩං­ගු­වට

13 හැවි­රිදි දැරිය අප­යෝ­ජන සිද්ධි­ය­කට පාසලේ මුර­කරු අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ආර­ච්චි­ක­ට්ටුව සමූහ - අතු­කෝ­රල යූ. ගුණ­පාල

13 හැවි­රිදි පාසල් දැරි­යක් නීත්‍ය­නු­කූල භාර­කා­ර­ත්ව­යෙන් අප­හ­ර­ණය කර බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යක් කළැයි කියන සිද්ධි­යට දැරිය ඉගෙ­නුම ලබන පාසලේ මුර­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගත් බව මාදම්පේ පොලී­සිය කියයි. දැරිය පදිංචි නි‍ෙවස ආස­න්න­යේම පදිංචි මුර­කරු වසර කිහි­ප­යක සිටම මවු­පි­යන්ගේ කැමැත්ත මත දැරිය පාස­ලට රැගෙන යෑමත් ආපසු කැඳ­වා­ගෙන ඒමත් කර ඇති බවත්, දැනට මාස හයක පමණ සිට දැරිය ඔහු සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති කර­ගෙන ඇති බවට කරුණු හෙළි­වන බවත් පොලී­සිය කියයි.

සැක­කරු කුලි­යට ගත් කාර් රථ­ය­කින් දුම්ම­ල­සූ­රිය පිහිටි හෝට­ල­යක් වෙත රැගෙන ගොස් අවස්ථා දෙක­කදී දැරි­යට බර­ප­තළ ලිංගික අප­යෝ­ජන කර ඇති බවට කරුණු අනා­ව­ර­ණය වන බවත් දැරිය අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රියා වෙත යොමු කිරී­මට පිය­වර ගත් බවත් පොලී­සිය කියයි. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කුඩා බිංගි­රිය පනි­රෙ­න්ඩාව පදිංචි 29 හැවි­රිදි විවා­හ­ක­යෙකි. දැරිය අප­හ­ර­ණය කිරී­මට යොදා ගන්නා ලද කාර් රථයේ රියැ­දුරු ද දුම්ම­ල­සූ­රිය හෝටලේ හිමි­කරු ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට පරී­ක්ෂණ පව­ත්වන බවද පොලී­සිය සඳ­හන් කරයි. මාදම්පේ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්‍ෂක සමන් ඒක­නා­යක මහ­තාගේ උප­දෙස් මත කාන්තා පොලිස් පරී­ක්‍ෂක සඳ­මාලි රුද්‍රිගු මහ­ත්මිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT