Home » විම­ර්ශන වාර්තා ලැබී ඇතැයි නීති­පති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වයි
NPP කාන්තා සාමා­ජි­ක­යන්ට ජල ප්‍රහාර එල්ල කිරීම

විම­ර්ශන වාර්තා ලැබී ඇතැයි නීති­පති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වයි

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

විස­ර්ජන පනත් කෙටු­ම්ප­තින් කාන්තා කට­යුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රති­පා­දන අඩු කිරී­මට පසු­ගිය ආණ්ඩුව කට­යුතු කිරී­මට එරෙ­හිව ජාතික ජන බල­වේ­ගයේ කාන්තා සාමා­ජි­ක­යන් පිරි­සක් බත්ත­ර­මුල්ල පොල්දූව මංස­න්ධි­යේදී පව­ත්වන ලද විරෝ­ධ­තා­වට බාධා කර­මින් පොලී­සිය ජල ප්‍රහාර එල්ල කිරීම සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශන කට­යුතු මේ වන විට අව­සන් කර ඇති අතර, එම විම­ර්ශන වාර්තා මේ වන විට නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබි ඇති බව නීති­ප­ති­ව­රයා ඊයේ (30) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම සිද්ධිය මඟින් මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවට තීර­ණය කරන ලෙස ඉල්ලා අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඇතුළු පිරි­සක් ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් මාධව තෙන්න­කෝන් මහතා මේ බව දන්වා සිටි­යේය.

එස්. තුරෙ­යි­රාජා , අචල වෙන්ග­ප්පුලි , අර්ජුන ඔබේ­සේ­කර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි.

එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් මාධව තෙන්න­කෝන් මහතා සඳ­හන් කළේ, මෙකී සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කරන ලද විම­ර්ශන කට­යුතු මේ වන විට අව­සන් කර ඇති බවය.

ඒ සම්බ­න්ධ­යෙන් වන වාර්තා නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­නය කර­ගෙන යන බවද ඒ පිළි­බ­ඳව ගන්නා අව­සන් තීර­ණය ඉදි­රි­යේදී අධි­ක­ර­ණ­යට දැනුම් දීමට කට­යුතු කරන බවද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා එහිදී දන්වා සිටි­යේය.

ඒ සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­රයා ගන්නා ක්‍රියා­මා­ර්ගය අනුව මෙම පෙත්සම් ඉදි­රි­යට පව­ත්වා­ගෙන යන්නේද නැද්ද යන්න පිළි­බ­ඳව ඉදි­රි­යේදී දැනුම් දෙන බව පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා එහිදී අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල මේ සම්බ­න්ධ­යෙන් වන නීති­ප­ති­ව­ර­යාගේ ස්ථාව­රය දැනුම් දීම සඳහා මෙම පෙත්සම අප්‍රේල් මස 03 කැඳ­වී­මට නියම කළහ.

අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය, ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක කමිටු සාමා­ජි­කා­වන් දෙදෙ­නෙකු සහ ජාතික ජන බල­වේ­ගයේ සාමා­ජි­කා­වන් වන නීති­ඥ­ව­රි­යන් දෙදෙ­නකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ඇත.

පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ ලෙස එවක වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්, වැලි­කඩ, තලං­ගම හා මිරි­හාන පොලී­සි­වල ස්ථානා­ධි­ප­ති­වරු, නුගේ­ගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා, නීති­පති ඇතුළු නව­දෙ­නෙකු නම් කර සිටිති.

කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශ­යට අදාළ වැය ශීර්ෂය පිළි­බඳ විවා­දය පැවති දින පාර්ලි­මේ­න්තු­වට පිවි­සෙන පොල්දූව මංස­න්ධි­යේදී තමන් ඇතුළු කාන්තා­වන් පිරි­සක් සාම­කාමී විරෝ­ධ­තා­වක නිරත වූ බව පෙත්ස­ම්කා­රි­යන් සඳ­හන් කර ඇත.

2024 වසර සඳහා වන විස­ර්ජන පනත් කෙටු­ම්පතේ කාන්තා කට­යුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රති­පා­දන සිය­යට 51 කින් අඩු කිරී­මට ආණ්ඩුව ගෙන ඇති තීර­ණ­යට විරෝ­ධය පළ කිරීම සහ ඒ පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනු­වත් කිරීම සඳහා මෙම විරෝ­ධ­තා­වය පැවති බව එහි සඳ­හන් වේ.

එම විරෝ­ධ­තා­වට කිසිදු සාධා­රණ හේතු­වක් නොමැ­තිව පොලිස් නිල­ධා­රින් විසින් ජල ප්‍රහාර එල්ල කළ බව පෙත්ස­මෙහි දැක්වෙයි.

එහිදී කාන්තා­වන් කිහිප දෙනෙකු අමා­නු­ෂික සැල­කී­ම්ව­ලට ලක් වූ බව එහි සඳ­හන් කර ඇත. පොලී­සියේ මෙම ක්‍රියා කලා­පය අත්ත­නෝ­ම­තික සහ අසා­ධා­රණ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

එම­ඟින් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මඟින් සහ­තික කර ඇති භාෂ­ණයේ අයි­තිය ඇතුළු මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වූ බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත.

එම මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරීම වෙනු­වෙන් එවක වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් ඇතුළු වග­උ­ත්ත­ර­කාර පොලිස් නිල­ධා­රි­න්ගෙන් රුපි­යල් මිලි­ය­නය බැගින් වන්දි අය කර දෙන ලෙස මෙම පෙත්ස­මෙන් ඉල්ලා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT