ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන ලද මත්කරල් 40,000ක් යාපනය මුලංකාවිල්හිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනෙක් සමඟ පෙරේදා (29) අත්අඩංගුවට ගනුලැබීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ යාපනය ඒකකයේ නිලධාරීන් පෙරේදා අලුයම් කාලයේදී මත්කරල් 38,000ක් සමඟ මුලින්ම සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් දෙදෙනා මුලංකාවිල් ඉරෙයිමහනගර්හි පදිංචි ධිවරයන් දෙදෙනෙකි. සෙසු සැකකරුව කිළිනොච්චිය, වට්ටකච්චිහි පදිංචිකරුවෙකි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙදින සවස මත්කරල් 2,000ක් සමගිනි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙම මත්කරල් මෙරටට රැගෙනවිත් ඇතැයි අනාවරණය වී ඇත්තේ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය.