Home » රවීට එරෙහි නඩුව මැයි 28 විභාගයට
මොනැක් එපාර්ට්මන්ට් නිවාස සංකීර්ණයේ ලක්ෂ 116ක අල්ලස් සිද්ධිය

රවීට එරෙහි නඩුව මැයි 28 විභාගයට

by Gayan Abeykoon
January 31, 2025 1:15 am 0 comment

චන්දන ජය­වීර

කොල්ලු­පි­ටියේ ‘මොනැක් එපා­ර්ට්මන්ට්’ සුපිරි නිවාස සංකී­ර්ණයේ රුපි­යල් මිලි­යන 11.61ක් වටිනා නිවෙ­සක් අල්ල­සක් ලෙස ලබා ගැනීමේ චෝද­නා­වට හිටපු මුදල් ඇමැති රවී කරු­ණා­නා­යක මහ­තාට එරෙ­හිව පවරා ඇති අල්ලස් නඩුව ලබන මැයි 28දා විභා­ග­යට ගැනී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය දින නියම කළේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මහේන් වීර­මන් මහතා ඉදි­රියේ පෙරේදා (29දා) නඩුව කැඳවූ අව­ස්ථාවේ නඩුවේ දෙවැනි විත්ති­ක­රු­වකු වන අර්ජුන් ඇලෝ­සි­යස් බන්ධ­නා­ගා­රය විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදි.

විත්තියේ නීති­ඥයෝ කරුණු දක්ව­මින් මෙම නඩුව හා සම්බ­න්ධිත නඩු­වක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වන බවට අධි­ක­ර­ණය දැනු­වත් කර සිටි­යහ. එම නඩුව විභා­ග­යට ගන්නා දින­යක් මේ දක්වා නියම කර නැති බැවින් මහා­ධි­ක­රණ නඩුව විභා­ග­යට ගැනීම දීර්ඝ දින­ය­කට කල් තබන ලෙස විත්තිය ඉල්ලා සිටි­යේය.

2016 වසරේ පෙබ­ර­වාරි 12දා සිට සැප්තැ­ම්බර් 30දා අතර කාලය තුළ දී රජයේ සේව­ක­යෙක් වන මුදල් ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් අල්ල­සක් ලෙස මහ බැංකු බැඳු­ම්කර චෝද­නා­වට සම්බන්ධ පර්ප­චු­වල් ට්‍රෙෂ­රිස් සමා­ගමේ සහ වෝල්ට් සහ රෝ ඇසෝ­සි­යේ­ෂන් පෞද්ග­ලික සමා­ගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝ­සි­ය­ස්ගෙන් රුපි­යල් මිලි­යන 11.61ක වටි­නා­ක­ම­කින් යුක්ත කොල්ලු­පි­ටියේ ‘මොනැක් එපා­ර්ට්මන්ට්’ සුපිරි නිවාස සංකී­ර්ණයේ 5පීඑච්2 නිවෙස අල්ල­සක් ලෙස ලබා ගැනීමේ චෝද­නාව යටතේ නඩු පවරා තිබේ.

නීති­ප­ති­ව­රයා විසින් රවී කරු­ණා­නා­යක සහ අර්ජුන් ඇලෝ­සි­යස්ට එරෙ­හිව

අධි­චෝ­දනා 6ක් යටතේ නඩු පවරා තිබේ.

නඩු භාණ්ඩ ලෙස රවී කරු­ණා­නා­යක මුදල් ඇමැ­ති­ව­රයා ලෙස පත් කළ අක්ත­ප­ත්‍රය හා ගැසට් නිවේ­ද­නය, බදු ඔප්පුව, පෞද්ග­ලික බැංකු­ව­කින් නිකුත් කළ චෙක්ප­ත්වල සහ­තික පිට­පත් ඇතුළු නඩු භාණ්ඩ 37ක් ඉදි­රි­පත් කර තිබේ. මෙයට අම­ත­රව හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­රයා ඇතුළු සාක්ෂි­ක­රු­වන් 52ක් පැමි­ණිල්ල විසින් නම් කර තිබේ. ජනා­ධි­පති නීතිඥ රිසාඩ් සරූක් විත්තිය වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT