Home » මන්ත්‍රීනි කොට්ට­හ­ච්චිට අප­හාස කළැයි මිල්ලනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ දුර­ක­ත­නය රස පරී­ක්ෂක වෙත

මන්ත්‍රීනි කොට්ට­හ­ච්චිට අප­හාස කළැයි මිල්ලනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ දුර­ක­ත­නය රස පරී­ක්ෂක වෙත

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

කල්පනි අබේ­සිංහ

ජාතික ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ට­හච්චි මහ­ත්මි­යට අප­හා­සා­ත්මක වන ආකා­රයේ දැන්වී­මක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් මිල්ල­නිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මු­නිට අයත් ජංගම දුර­ක­ත­නය රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු­කර වාර්තා­වක් කැඳ­වන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනුජා ලක්මාලි මහ­ත්මිය  ඊයේ (30) නියම කළාය.

සිද්ධි­යට සම්බන්ධ සැක­කරු භාරයේ තිබී සොයා­ගත් ජංගම දුර­ක­ත­නය රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කර වාර්තා­වක් කැඳ­වී­මට අව­සර දෙන ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කළ ඉල්ලී­මක් සලකා බල­මින් අධි­ක­ර­ණ­යෙන් එසේ නියම කෙරුණි.

තමන්ට ලිංගික අඩ­න්තේ­ට්ටම් වන ආකා­රයේ පෝස්ටු­වක් මුහු­ණු­පොතේ පළ කර ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස ඉල්ලා මන්ත්‍රීනි නිලන්ති කොට්ට­හච්චි මහ­ත්මිය ඉකුත් 31 දින අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශය වෙත දැනු­ම්දී­මක් කර ඇත. ඒ අනුව සැක­කාර පුද්ග­ලයා අඟු­රු­වා­තොට ප්‍රදේ­ශයේ පිහිටි ඔහුගේ නි‍ෙවසේ දී අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර පුද්ග­ලයා මේ වන විට ඇප මත මුදා හැර ඇත. මෙම නඩුව ලබන ජූලි මස 17 වන දින අධි­ක­ර­ණය හමුවේ නැවත කැඳ­වී­මට ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය දින නියම කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT