Home » මංගල උත්සවයක වෛද්‍යවරු ගුටි ඇනගෙන පොලිසි ගිහිං

මංගල උත්සවයක වෛද්‍යවරු ගුටි ඇනගෙන පොලිසි ගිහිං

by chanaka
January 31, 2025 3:17 pm 0 comment

කළුතර වස්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක ඊයේ (30) පැවති මංගල උත්සවයක දී බස්වීමක් දුර දිගේ යාමේ දෙපිරිස අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මංගල උත්සවය පැවතී ඇත්තේ වෛද්‍යවරයෙකුගේ වන අතර සුබ පැතීම සඳහා සහභාගී වූ වැඩි පිරිස වෛද්‍යවරුන් බව පැවසේ. තම මිත්‍රයාගේ මංගල උත්සවය අතරතුර යහමින් සප්පායම් වූ වෛද්‍යවරුන් පිරිස නටමින් විනෝද වී සුළු වෙලාවකින් එම වෛද්‍යවරුන් අතර බහින් බස් වීමක් සිදුව ඇත. මඳ වේලාවකින් බහින්බස්වීම දුරදිග යාමෙන් වෛද්‍යවරුන් පිරිස ගුටි බැට හුවමාරු කර ගෙන තිබේ.

එහිදී මංගල උත්සවයට සහභාගි වි සිටි දෙපිරිසේම ඥාතීන් විසින් වෛද්‍යවරුන් පාලනය කිරීමට මහත් වෙහෙසක් දරා ඇත.

පසුව ඔවුන් දෙපිරිස විසින්ම රාත්‍රියේ කළුතර උතුර පොලිසියට පැමිණ පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. පසුව දෙපිරිසම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පවසා කළුතර නාගොඩ රෝහල වෙත යන බව පවසා පොලීසියෙන් පිටව ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කළුතර ගල්පාත චන්දන පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT