Home » උපුල් තරංගට එරෙහි නඩු තීන්දුව මාර්තු 10වැනිදා

උපුල් තරංගට එරෙහි නඩු තීන්දුව මාර්තු 10වැනිදා

by chanaka
January 31, 2025 4:31 pm 0 comment

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට එරෙහිව මාතලේ මහාධිකරණයේ ක්‍රියාත්මකවන නඩුවේ තීන්දුව එළැඹෙන මාර්තු මස 10 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මාතලේ මහා අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව අද (31) කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්වීමෙන් අනතුරුව විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පසුගිය වසරේ පැවති ‘ලෙජන්ඩ් ලීග් -2024’ ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත් මෙම සිද්ධියට අදාලව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීමේ හේතුවෙන් මාතලේ මහාධිකරණය විසින් උපුල් තරංගව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි.

පසුව එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT