Sunday, May 11, 2025
Home » පොලිස් වාර්තා නැතිව රක්ෂණ වන්දි ගෙවී­මෙන් රිය අන­තුරු වාර්තා වීම අසා­මාන්‍ය ලෙස පහ­ළට

පොලිස් වාර්තා නැතිව රක්ෂණ වන්දි ගෙවී­මෙන් රිය අන­තුරු වාර්තා වීම අසා­මාන්‍ය ලෙස පහ­ළට

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

රිය අන­තු­ර­කදී පොලිස් වාර්තා නොමැ­තිව රක්ෂණ මුදල් දීමට රක්ෂණ සමා­ගම් කට­යුතු කිරීම හේතු­වෙන් මහා මාර්ග­වල සිදු වන රිය අන­තුරු පොලී­සි­යට වාර්තා වීම් අසා­මාන්‍ය ලෙස 2003 වසරේ සිට පහළ ගොස් ඇති බව පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වේ.

මේ හේතුව නිසා මහා මාර්ග­වල සිදු වන රථ­වා­හන අන­තුරු සම්බ­න්ධ­යෙන් නිසි තක්සේ­රු­වක් සිදු කිරී­මෙන් ඒ සම්බ­න්ධ­යෙන් නිසි තීන්දු තීරණ ගැනී­මට නොහැකි වන බව රථ­වා­හන අංශයේ උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මේ ගැන දීර්ඝ කාල­යක් පුරා රක්ෂණ සමා­ගම් සමඟ මෙන්ම ඊට සම්බන්ධ බල­ධා­රින් සමඟ සාකච්ඡා කළත් පැහැ­දිලි විස­ඳු­මක් ලැබී නැති බව ද එම නිල­ධා­රියා කීවේය.

විවෘත ආර්ථි­කය 1977දී මෙර­ටට හඳුන්වා දෙන විට මෙරට ලියා­ප­දිංචි රථ­වා­හන ගණන 208,026කි. එම වසරේ මාරක රිය අන­තුරු 811කින් පුද්ග­ල­යන් 811 දෙනෙක් මිය­ගොස් ඇත. මේ වසරේ සිදුව ඇතැයි කියන සමස්ත රිය අන­තුරු ගණන 15,297කි.

පොලි­සි­යට වාර්තා වන රිය අන­තුරු ගණන 2003 වසර දක්වා ක්‍රමි­කව වැඩි වීමක් පෙන්නුම් කළත් රක්ෂණ සමා­ගම් විසින් නව රක්ෂණ ක්‍රම­යක් වාහන අන­තුරු සම්බ­න්ධ­යෙන් හඳුන්වා දීමත් සමඟ එම වසරේ සිට ක්‍රමි­කව වාහන අන­තුරු වාර්තා වීම් අඩුවී ඇති බව පොලිස් රථ­වා­හන සංඛ්‍යා දත්ත­ව­ලින් අනා­ව­ර­ණය වේ.

2003දී මාරක රිය අන­තුරු 1933කදී පුද්ග­ල­යන් 2096 දෙනෙක් මිය­ගොස් ඇති අතර, එම වසරේ පොලී­සි­යට වාර්තා වී ඇති සමස්ත රථ­වා­හන අන­තුරු ගණන 59,444කි. මෙරට ඉති­හා­සයේ පොලී­සි­යට වාර්තා වී ඇති වැඩිම රිය අන­තුරු ගණන වන්නේ ද මෙයයි.

එතැන් සිට ක්‍රමි­කව පොලී­සි­යට වාර්තා වන රිය අන­තුරු ගණන අඩුවී ඇති අතර, 2024 වසරේ පොලී­සි­යට වාර්තා වී ඇති සමස්ත රිය අන­තුරු ගණන 24,608කි. 2003 වස­රට සාපේ­ක්ෂව සැස­ඳී­මේදී 2024 වස­රේදී අන­තුරු වාර්තා වීම් අඩු වීම සිය­යට 50ක් ඉක්මවූ අග­යකි. මාරක රිය අන­තුරු 2272කදී මේ වස­රේදී පුද්ග­ල­යන් 2381 දෙනෙක් මිය­ගොස් ඇත. 2024දී බර­ප­තළ තුවාල ගෙන දුන් අන­තුරු ගණන සට­හන් වන්නේ 6762ක් ලෙසිනි. සුළු තුවාල ගෙන දුන් අන­තුරු ගණන 9945කි. සෙසු ප්‍රමා­ණය අලාභ පම­ණක් සිදු වූ අන­තු­රුය.

මාරක සහ තුවාල ගෙන දෙන අන­තුරු අනි­වා­ර්ය­යෙන්ම වාර්තා වන බව සඳ­හන් කළ පොලිස් රථ­වා­හන මූල­ස්ථා­නයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මනෝජ් රණ­ගල මහතා දින­මිණ කළ විම­සු­මේදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ ගැට­ලුව පව­තින්නේ අලාභ පම­ණක් සිදු වන රිය අන­තුරු සම්බ­න්ධ­යෙන් බවත්, එම දත්තත් රක්ෂණ සමා­ගම් ඔස්සේ පොලී­සි­යට ලැබෙන ක්‍රම­වේ­ද­යක් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා පැවැ­ත්වෙ­මින් ඇති බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT