සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් 2024 මහමැතිවරණයට තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව කළ විමර්ශනයක දී හෙළිවීමෙන් පසුව ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
මීට පෙර ද දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේ දී ද ඒ මහතා වැඩ තහනමට ලක් විය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාලයේ සිදු වූ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම ඒ මහතා හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දුන් බවත් එසේ භාර දුන්නේ පූර්ණ වශයෙන් දේශපාලනයේ නිරත වීම සඳහා වන බවත් ය.
රාජ්‍ය සේවාවෙන් ඉවත් වූ දින සිට කිසිදු වැටුපක් හෝ රජයේ වෙනත් වරප්‍රසාදයක් ලබා නොගත් බවත් නැවත රාජ්‍ය සේවාවට එක්වීමට අදහස් නොකරන බවත් ඒ මහතා කීය.