Sunday, May 11, 2025
Home » වී මිලදී ගැනී­මට භාණ්ඩා­ගා­රය දෙන රුපි­යල් බිලි­යන පහක මුදල ඵල­දා­යීව යොද­වන ක්‍රම­යක් සක­සන්න

වී මිලදී ගැනී­මට භාණ්ඩා­ගා­රය දෙන රුපි­යල් බිලි­යන පහක මුදල ඵල­දා­යීව යොද­වන ක්‍රම­යක් සක­සන්න

මුදල් පිළි­බඳ කාරක සභාවේ සභා­පති

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්

වී මිලදී ගැනී­මට මහා භාණ්ඩා­ගා­රය විසින් වී අලෙවි මණ්ඩ­ලය වෙත ලබා­දී­මට නිය­මිත රුපි­යල් බිලි­යන පහක මුදල ඵල­දායී ලෙස යෙද­වීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් විය යුතු බව මුදල් පිළි­බඳ කාරක සභාවේ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අව­ධා­ර­ණය කර ඇත.

මුදල් පිළි­බඳ කාරක සභාව පසු­ගි­යදා (28) පාර්ලි­මේ­න්තු­වේදී රැස්වූ අව­ස්ථා­වේදී සභා­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර ඇත. වී මිලදී ගැනීමේ ක්‍රියා­ව­ලිය දැඩි අධී­ක්ෂ­ණ­යක් යටතේ  සිදු කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් රජය විසින් ක්‍රියා­ත්මක කරන බව නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව වී මිලදී ගැනීමේ ක්‍රියා­ව­ලි­යේදී සිදු විය හැකි අක්‍ර­මි­කතා මඟ හරවා ගැනී­මට රජය අපේක්ෂා කරන බවද ඒ මහතා පැව­සීය. එමෙන්ම මේ වන විට සහල් ආන­ය­නය නතර කර තිබෙන බවද මුදල් අමා­ත්‍යාංශ නිල­ධා­රීන් රජයේ මුදල් පිළි­බඳ කාරක සභා­වට දැනුම් දී ඇත.

සහල් ආන­ය­නය සම්බ­න්ධ­යෙන් කාරක සභා සභා­ප­ති­ව­රයා යොමු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලබා­දෙ­මින් මුදල් අමා­ත්‍යාංශ නිල­ධා­රීහු සහල් ආන­ය­නය නතර කර ඇති බවත් වර්ත­මා­නය වන විට අස්වනු නෙළීම ආරම්භ කර ඇති හෙයින් අවශ්‍ය සහල් තොග ලබා ගත හැකි බවයි.

පසු­ගිය කාරක සභා රැස්වී­ම­කදී 2024 මහ කන්නයේ සහල් අස්වනු ප්‍රමා­ණය පිළි­බඳ මුදල් අමා­ත්‍යාංශ නිල­ධා­රීන් කාරක සභා­වට ඉදි­රි­පත් කළ දත්ත නිවැ­රදි නොවීම පිළි­බ­ඳ­වද කාරක සභා සභා­ප­ති­ව­රයා මෙහිදී විමසා සිටි අතර එය සන්නි­වේ­ද­න­යේදී සිදු වූ අත­ප­සු­වී­මක් බව කෘෂි­කර්ම අමා­ත්‍යාංශ නිල­ධා­රීහු කාරක සභා­වට දැන්වූහ. අන­තු­රුව මෝටර් රථ ආන­ය­නය සඳහා වූ තාව­කා­ලික අත්හි­ටු­වීම ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් කාරක සභා සභා­ප­ති­ව­රයා අද­හස් දක්ව­මින්, මේ වන විට නිකුත් කර ඇති දෙවන අදි­යරේ මෝටර් රථ ආන­ය­නය සඳහා වූ තාව­කා­ලික අත්හි­ටු­වීම ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් වූ ගැස­ට්ප­ත්‍රය සහ පෙබ­ර­වාරි මස නිකු­ත්වී­මට පව­තින තෙවැනි අදි­යරේ මෝටර් රථ ආන­ය­නය සඳහා වූ තාව­කා­ලික අත්හි­ටු­වීම ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් වූ ගැසට් පත්‍රය එක­වර සලකා බලන බව පැවැ­සීය. නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන, ශාන­ක්‍යන් රාස­මා­ණි­ක්කම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරි­ය­රත්න, නිමල් පලි­හේන, විජේ­සිරි බස්නා­යක, (නීතිඥ) ලක්මාලි හේම­චන්ද්‍ර මහත්ම මහ­ත්මීහු  මේ රැස්වී­මට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT